IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කම්කරු අමාත්‍යංශය පෞද්ගලික ආයතන පිළිබඳ වාර්තා ඉල්ලයි

විනීතා එම් ගමගේ

සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටා ඇති වසා දැමූ හා ක‍්‍රියාත්මක වන සියලූ පෞද්ගලික ආයතන පිළිබදව වාර්තා කම්කරු අමාත්‍යංශය වෙත ලබා දෙන්නැයි කම්කරු අමාත්‍යංශය කම්කරු කොමසාරිස්වරුන් වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව රට පුරා පිහිටි පෞද්ගලික ආයතන හා කම්හල් පිළිබද වාර්තා අද දවස තුළ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබෙනු ඇතැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා ලංකාදීපයට අද (19) පැවසීය.

ඒ ඒ කොට්ඨාස භාර කම්කරු නිලධාරින් ද සහය කරගෙන මෙම වාර්තා සකස් කරන ලෙසත් ඒ සදහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ප‍්‍රාදේශීය සභාවන්හි සහය ලබා ගන්නා ලෙසත් උපදෙස් දී ඇතැයි ද ලේකම්වරයා කීය.

එකී තොරතුරු පදනම් කරගෙන වාර්තාවක් සකස්කර අද දිනය තුළ කම්කරු අමාත්‍යවරයා වෙත භාරදීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරනු ඇතැයි පැවසූ අබේගුණවර්ධන මහතා එකී දත්ත යොදා ගනිමින් දිවයින පුරා මේ වනවිටත් වසා දමා ඇති ආයතන විවෘත කිරීමට අමාත්‍යංශය අවශ්‍ය මැදිහත්වීම් කරන බව ද කියා සිටියේය.

මේ අතර කම්කරු දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සේවයේ සහභාගිත්වය වැඩි කරන ලෙස උපදෙස් දුන් බවත් අනෙක් සේවක සේවිකාවන් කාල සටහනකට අනුව ගෙන්වා ගන්නැයි උපදෙස් දුන් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

කම්කරු අමාත්‍යංශය පෞද්ගලික ආයතන පිළිබඳ වාර්තා ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31611 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14005 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site