(එම්.කේ. නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
අප රට තුළ කොරෝනා වසංගතය යම් මට්ටමකට මැඩ පැවැත්වුවද ඉන්දියාව, තමිල් නාඩුව වැනි රට වල බරපතළ අයුරින් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා අප රටේ ජනතාවද ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතු බවද කියා සිටියේය.
යමිකිසි විදියකින් කොරෝනා වයිරසය ආසාධිතවූ පුද්ගලයෙකු දේවාලයේ බැතිමතුන් පිරි සිටින අවස්ථාවක ඇතුළු වුවහොත් කතරගම ඇතුළු රට පුරා මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, කතරගම ප්‍රදේශය ද වසා දැමීමට සිදු වන බවත් අවධාරණය කළේ ය .
මේ නිසා දුරස්ථභාවය, මුඛ ආවරණ, දෙඅත් සේදීම වැනි නිරෝධායන සෞඛ්‍යය උපදෙස් තරයේ ම පිළිපැදිය යුතු බවද දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි
Wasantha Sunday, 21 June 2020 11:20 AM
තොණ්ඩමන්ලාට නැති පෙරටුගාමීන්ට ඇති, රාජපක්ෂලාට නැති කතරගමට ඇති ශ්‍රී ලංකාවේ අරුම පුදුම නීතිය..
lal Sunday, 21 June 2020 11:24 AM
ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා ලෝකේ පුරාම. ඉන්දියාව දිහා බැලුවාම තත්වය තේරෙනවා. රටවල් ආර්ථික වශයෙක් අන්තෙටම වැටිලා. මෙහේ පෙරහැර කරනවා සෙනග රැස් කරගෙන. එලොව යන්න වෙන් ඇති. ගියාට කමක් නැහැ. රටේ අනෙක් මිනිස්සුන් පව් ගෙවන්නේ මේ කරන වැඩවලට...
Ranjith Sunday, 21 June 2020 11:25 AM
කොරෝනා වෙලාවේ ශේප් එකේ දිව්‍ය ලෝකේ පැත්තේ ගිහින් හිටියට දැන් ඇවිල්ලා... මේ දිසාපතිතුමාට මොන දඬුවමක් දෙයිද දන්නේ නැහැ.
rana Sunday, 21 June 2020 11:28 AM
මහත්තයෝ කරලා පෙන්නන්ට...!
Asa Monday, 22 June 2020 01:32 AM
දෙයියෝම බලාගන්න ඕනේ...
chinthana Monday, 22 June 2020 07:26 AM
කවුද ඉතින් බස්නායක නිලමේ.? එයාටත් නඩුවක් දාන්න පුලුවන්ද.?