IMG-LOGO

කතරගම ඇසළ මංගල්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව

(කේ ඩි දේවප්‍රිය )

ලබන මස 21 වැනි දින රුහුණු කතරගම   මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව  සෞඛ්‍ය අංශ වල උපදෙස් මත ක්‍රියා කිරීමට කටයුතු කරන බව මොණරාගල දිසා ලේකම් ගුණදාස සමරසිංහ මහතා  අද (16) පැවති රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සව සංවිධානය කිරීමේ රැස්වීමේ දි පැවසීය.

රටේ පවතින කොරෝනා තත්වය හමුවේ  සෞඛ්‍ය අංශ  විසින් මෙවර මංගල්‍ය සදහා උතුරු නැගෙනහිර සිටි පාද වන්දනාවෙන් පැමිණි පාද වන්දනා ගමන් ද තහනම් කරනු ලැබු බවත් මෙවර කතරගම ඇසළ පෙරහැර ඉතාම චාම්ව අවශ්‍ය රාජකාරි චාරිත්‍ර පමණක් ඉටු කරමින් පවත් වන ලෙසත් ජනාධිපතිතුමා නියෝග කල බව රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සදහන් කළේය.

මේ අනුව මහනුවර,දෙවිනුවර කතරගම යන පුදබිම තුල සිදු කරන පෙරහැර මංගල්‍යන් රටේ පවතින සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමට මෙවර පියවර ගෙන තිබේ.

මෙම රැස්වීම අද කතරගම කිරිවෙර විහාරස්ථානයේ දී මොණරාගලදිසා ලේකම් ගුණදාස සමරසිංහ මහතා ගේ ප්‍රධනත්වයෙන් පැවැත් වු අතර  මෙහි දී කිසිදු අයුරකින් බැතිමතුන්ට මෙන්ම කතරගම ජනයාටද පෙරහැර නැරඹීමේ අවස්ථාව මෙවර අහිමි වනු ඇත.

 විශේෂ කාර්ය බළකාය හා පොලිසිය  මගින් විශේෂ ආරක්ෂාවක් ප්‍රධාන මාර්ග වෙත යොදවා පෙරහැරට අඩු නැටුම් කණ්ඩායම් හා රාජකාරි හා කපු මහතුන් එක්ව සිදුකිරීමට පියවර ගැනීමට මෙම හමුවේ  දි රාජ්‍ය නිළධාරින් හා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ වල නිළධාරින් විසින් තීරණය කරන ලදි.

පෙරහැරට එක් වන නැටූම් කණ්ඩායම් ද පී සී ආර් පරිීක්ෂණ සිදු කර පෙරහැරට එක් කර ගන්නා බව බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසිීය.
මෙම රැස්වීම සඳහා ආගමික වතාවත් කතරගමකිරිවෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධමිමින්ද හිමියන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අංශ නිළධාරින්  ,පොලිස් හා යුධ හමුදා ,සිවිල් ආරක්ෂක අංශ හා රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ වල නිළධාරින් ඇතුලු පිරිස් එක්ව සිටියහ.

මාස කීපයක්පුරා  දැඩි ආර්ථික ගැටලු මත දිවි ගෙවනු ලැබු කතරගම ජනයා මෙවර ඇසළ මංගල්‍ය පිළිබඳව සිහින මවමින් සිටි අතර මෙම තහනමත් සමඟ කතරගම ජනයා නැවත ආර්ථික අර්බුදයකට  අඛන්ඩව ලක්වෙමින් පවතී.

 

 



අදහස් (1)

කතරගම ඇසළ මංගල්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව

සර් Tuesday, 16 June 2020 03:48 PM

දෙයියොත් කොරෝනා වලට බයයි නේ...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 431 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site