IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කුට්ටිගල පොලීසියේ 5 කට කොරෝනා

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායකකාර)

ඇඹිලිපිටිය, කුට්ටිගල පොලීසියේ පස් දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන් පස් දෙනෙක් පිටස්තර ප්‍රදේශවල පදිංචි නිලධාරීන් වන අතර එක් අයෙක් එම කොට්ඨාසයේ පදිංචි නිලධාරියෙකි. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රීත නිලධාරීන් මේ මස 23දා පිසීආර් පරීක්‍ෂණ වලට යොමු කිරීමට නියමිතය.

මේ අතර කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාපනේ ග්‍රාම නිලධාරි වසම 21දා අලුයම සිට ලොක් ඩවුන් කර ඇත. එම වසමෙන් කෝවිඩ් 19 ආසාදිතයින් 69ක් වාර්තාවීම ඊට හේතුවයි.

එසේම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළදගල, මුල්ලෙකන්ද වත්ත කොට්ටල ග්‍රාම සේවා වසම ද ලොක්ඩවුන් කර ඇත.

දාපනේ වසමේ ආසාදිත බව තහවුරුවු පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 75ක් 22දා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයට ලක් කිරිමට නියමිතය. මේ වනවිට ලොක් ඩවුන්කර ඇති ග්‍රාම නිලධාරී වසමිවලට අයත් සියලු ගම්මාන වලින් පිටවීමත්, පිටතින් එම ගම්මානවලට ඇතුලුවීමත් තහනම් කර ඇත. ගම්මාන මායිම්වල පොලිස් මාර්ග බාධාක යොදා ඇත.

 



අදහස් (0)

කුට්ටිගල පොලීසියේ 5 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site