IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

ජාතික ආරක්ෂක කමිටුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

උදෑසන නැගිටින විට උණ තත්වයක් තිබූ බවද, හැකි ඉක්මණින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී එය තහවුරු කරගත් බවද ඔහු පැවසීය.

මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.

ඕස්ට්‍රේලියාවේ පුද්ගලයන් 156දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයන් තිදෙනෙකු මිය ගොසිනි.

(බීබීසී ඇසුරිනි)



අදහස් (3)

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා

kamal Friday, 13 March 2020 08:20 AM

අපේ හොඳ කාලේ කවදා එයිද? 60 ට වැඩි අයට මේ ලෙඩේ දරුණු වෙන්න පුළුවන්ලු. එහෙම උනොත් නම් මල්ම තමා.

:       122       9

siri Friday, 13 March 2020 08:38 AM

කැනඩාවේ අගමැතිවරයාගේ බිරිඳටත් කොරෝනා බෝවෙලා කියලයි වාර්තා වෙන්නේ. මේ අතරේ මාර්තු 7 වෙනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසුණු බ්‍රසීලියානු ජනාධිපති සමඟ සිටි කණ්ඩායමේ කෙනෙකුටද මෙම වයිරසය වැළඳී ඇති බව කියනවා. මේ හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ටද සති දෙකක් ධවල මන්දිරයට වී ඉන්නට වේදැයි සැක පලකරන ප්‍රවීත්තියක් විදෙස් මාධ්‍ය පළකර තිබෙනවා. දැනටමත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිවරියටත් ප්‍රංශයේ ඇමතිවරු කිහිප දෙනෙකුටත් මෙම වයිරසය වැළඳී ඇති බවත් කියනවා. ප්‍රවේසම් නොවුණොත් කොරෝනා වයිරසයට උස් මිටි බේධයක් නොමැතිව පැතිරිය හැකිබවයි පෙනෙන්නට ඇත්තේ...

:       0       74

Perera Friday, 13 March 2020 08:59 AM

කොරෝනා හැදිලා අපේ දියවන්නාවේ සෙට් එක තොලොම්චි වුණොත් මල්ම තමයි...!!

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site