(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
කොරෝනා සිද්ධියත් සමඟ සීඝ්‍රයෙන් ඉහළ මිලකට අලෙවි වූ එළවළු යාපනයේ ගොවීන් විසින් අද (14) අලුයම් කාලයේ සිට පහත දමා අඩු මුදලට අලෙවිකිරීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය.
පසුගිය දින දෙකේ කොරෝනා සිද්ධියත් සමඟ එළවළු සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැඩි ඉල්ලුමක් පැවැතිණි. කෙසේවෙතත් මේ පිළිබඳව අවබෝධයක් ලබාගත් යාපනය අර්ධද්වීපයේ ගොවීන් විශාල වශයෙන් අද (14) අලුයම වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආක්‍රමණය කරන මෙන් එළවළු රැගෙන විත් තිබිණි.
යාපනයෙන් එළවළු රැගෙන ආ ලොරිවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරී ඉතිරී ගොස් තිබුණු අතර යාපනයේ ගොවීන්, ව්‍යාපාරිකයින් රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය.
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල්, අල, වම්බටු, මෑකරල්, රතු ළූනු, මාලුමිරිස්, අමුමිරිස්, වට්ටක්කා, බණ්ඩක්කා, පතෝල ආදී එළවළු වර්ග රැසක් ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබිණි.
යාපනයේ සිට පැමිණෙන ලොරි රථවල ඇතුළත සහ ලොරිවල පිටතද විශාල වශයෙන් තොග අහුරා රැගෙනවිත් තිබීම තිබෙනු දැක ගැනීමට හැකි විය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් කියා සිටියේ යාපනය අර්ධද්වීපයේ ගොවීන් කොරෝනා සිද්ධියත් සමඟ රටේම එළවළු මිල බස්වා ජනතාවට අවශ්‍ය එළවළු තොග ලබාදීම සිදුකළ බවයි.
ඒ නිසාම එළවළු සෑම වර්ගයක්ම 60% කටත් වඩා අඩු වීම විශේෂත්වයක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.
ව්‍යාපාරිකයින් කියාසිටියේ කිසිඳු බියකින්, සැකයකින් තොරව එළවළු අවශ්‍ය ප්‍රමාණයක් වෙළඳපොලේ පවතින බවයි. එමෙන්ම බොහෝ ව්‍යාපාරිකයන් සිංහල අලුත් අවුරුදු දිනවල එළවලු මිලදී ගන්නා හා සමානව වැඩි වශයෙන් එළවළු මිලදී ගැනීමට පෙළඹී සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
යාපනයේ අර්ධද්වීපයේ ගොවීන් එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නොගෙනෙන්නට විශාල එළවළු තොග මිල ඉහළ යාමට ඉඩ පැවති බවද ව්‍යාපාරිකයෝ කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සෑම එළවළුවක්ම රුපියල් 100කට වඩා අඩුවෙන් පැවතීම විශේෂත්වයකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු හිඟයක් මවා පා ඔවුන්ගේ ගබඩාවල තබාගෙන පාලන මිලට වඩා වැඩියෙන් ලොකු ළූණු තොග අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එළවළු මිල ඉහළ දැමීමට එරෙහිව ගොවියෝ හරස්වෙති
raheem Saturday, 14 March 2020 07:37 AM
දඹුල්ලේ එළවලු ගන්න පිටරටිනුත් ඇවිල්ලා.
C Ameresekere Saturday, 14 March 2020 07:50 AM
අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන මේ කර ඇති සත් ක්‍රියාවට අප සියලු දෙනාගේම ස්තුතිය මෙම ගොවින් හට ලබාදිය යුතුව ඇත. උද්ගත වී ඇති තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නන් හට රජයෙන් නිසි පියවර ගත යුතුව ඇත.
raheem Saturday, 14 March 2020 08:25 AM
දඹුල්ලෙන් එළවලු ගන්න පිටරටිනුත් ඇවිල්ලා.