IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු කොරෝනා මරණ 2 වාර්තා කරයි

නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වන්නේ යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (21) පළමු වරට නිවේදනය කළේය.
 

මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු යුරෝපයේ සිට පැමිණි අයකු බවත් හෙතෙම 78 හැවිරිදි අරාබි ජාතිකයකු බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
මරණයට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවත් කොරෝනා වයිරසය නිසා ඇති වූ සංකූලතා ඊට හේතුවී ඇති බවත් සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
 
දෙවැනි පුද්ගලයා 58 හැවිරිදි ආසියානු ජාතිකයකු බවත් හෙතෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසිකයකු බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඔහුද වෙනත් රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටි අයකු බවත් කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ ඔහු තවත් දුර්වල වීමත් සමඟ මරණයට පත්වූ බවත් එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
 
අද වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 140 දක්වා ඉහළ ගොස් ඇත.
 
රොයිටර් 
 
055



අදහස් (0)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු කොරෝනා මරණ 2 වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site