IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායලයෙන් වෙන්ටිලේටර් උපකරණ පරිත්‍යාග කරයි


(තිළිණි ද සිල්වා)‍‍
 
ඊශ්‍රායලයේ රජය විසින් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් උපකරණ පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
මෙම වෙන්ටිලේටර් උපකරණ දැනට රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම කිරීම වෙනුවන් ප්‍රදානය කෙරුණු අතර ශ්‍රී ලංකාවට සමගාමීව අක්ත ගන්වා ඇති නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය හරහා මෙම වෙන්ටිලේටර් උපකරණ අමාත්‍යංශයට බාර දුන් බවද එම අමාත්‍යංශය කියා සිටී.
 
ඊශ්‍රායල් රජය විසින් පරිත්‍යාග කරන ලද වෙන්ටිලේටර් උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ආචාර්ය එස්.එච්. මුණසිංහ මහතා වෙත විදේශ අමාත්‍යාංශයේ දී නිල වශයෙන් භාර දෙන දුන් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
මෙම පරිත්‍යාගය වෙනුවෙන්, විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් , මහාචාර්ය ජයනාත්  කොළඹගේ මහතා අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක් අතරතුරදී  ඊශ්‍රායල තානාපති ආචාර්ය රොන් මල්කා මහතා සමඟ ඊශ්‍රායල් රජය වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාවය පළ කළේය.
 
මෙම රැස්වීමේ දී දෙපාර්ශ්වයම කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, විද්‍යා හා තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන යන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව සඳහා වන මාවත් පිළිබඳව සාකච්ඡා කළහ.
 
මෙම අවස්ථාව සඳහා කොළඹ සිටින ඊශ්‍රායලයේ නිර්වේතනික කොන්සල් විකී වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.



අදහස් (0)

ඊශ්‍රායලයෙන් වෙන්ටිලේටර් උපකරණ පරිත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31569 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13928 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1091 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site