IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉවතලන මුව ආවරණ දිනකට ලක්ෂ 6ක් මහපොළවට

(විනීතා එම්. ගමගේ)

භාවිතා කර ඉවතලන මුහුණු ආවරණ ලක්ෂ ‍6කට ආසන්න ප්‍රමාණයක් එක් දිනයක දී පරිසරයට බැහැර කරතැයි පරිසර අමාත්‍යංශය කියයි.

ඒ අතර ශල්‍ය මුව ආවරණ ලක්ෂ 5ක් පමණද, කේ.එන් 95 වර්ගයේ මුව ආවරණ ලක්ෂයක් පමණ ද ඇතැයි ගණන් බලා ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

මුව ආවරණ පැළඳිම අනිවාර්ය කළත් ඉවතලන මුව ආවරණ සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීම සම්බන්ධව නිවැරදි උපදෙසක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය බලධාරින් මේ වනතුරුත් කටයුතු කර නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවිය හැකි යැයි පරිසර විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
 
ආසාධිතයින්, ආසාධිතයින් ඇසුරු කළ නිරෝධායනයේ සිටින පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය නිරෝගී ජනතාව පළඳින මුව ආවරණ ද මෙසේ බැහැර කරන ඒවා අතර ඇතැයි පෙන්වා දුන් අමරවීර මහතා, කිසිඳු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර මේවා බැහැර කිරීම පවතින ප්‍රශ්නය බවද පෙන්වා දුන්නේය.

වැසි සමය ද එළැඹ ඇති බැවින් මෙසේ මුව ආවරණ බැහැර කිරීම ඉතාම භයානක ප්‍රතිඵල ඇති කළ හැකි යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා තවත් රැල්ලක ආරම්භයක් එයින් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය.

මේ වනවිටත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකසා ඇති කොවිඩ් වැළැක්වීමේ මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කරනලෙස පළාත් පාලන ආයතනවලට බල කර කියා සිටිය යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (1)

ඉවතලන මුව ආවරණ දිනකට ලක්ෂ 6ක් මහපොළවට

ධනංජය වන්නිනායක Thursday, 18 February 2021 05:56 AM

ඉදිරියේදී මුළු ලෝක වාසී සියලුම දෙනාට මුහුණ දීමට සිදුවන පරිසර ගැටළුවක පෙරනිමිත්තක්. කොවිඩ් 19 යෙන් ආරක්ෂා වීම සඳහා මිනිසා විසින් බාවිතා කරන ප්‍රධාන උපාංගය මුහුනු ආවරණයි. අපේ රටේ පමණක් ගතහොත් මිලියන 20 කට අධික ජන ගහනයෙන් අඩුම තරමින් මිලියක 10කට වඩා මුහුණු ආවරණ භාවිතා කරන බවට අප විශ්වාස කළ හැකි. මෙම භාවිතා කරණ මුහුණු ආවරණ මිනිසා විසින් අක්‍රමවත්ව පරිසරයට මුදා හැරීම නිසා මෙම වෛරසය නැවත මිනිසාට බෝවීමේ අවධානමක් මෙන්ම වන ජීවී/ ජලජ ජීවී/ ජල මුලාශ්‍ර ආදී පරිසරික පද්ධති වලට දැනටමත් බලපෑම් එල්ලවී ඇති බව දැකිය හැකී. මුහුණු ආවරණ භාවිතය කොවිඩ් 19 වෛරසය ලෝකය තුල පවතින තාක් මිනිසාට භාවිතා කිරීමට සිදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14019 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site