IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉරානය ඇමෙරිකානු ආධාර ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ කිරීටක වයිරසය පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට ඇමරිකාවට අවශ්‍ය නම් ඔවුන් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි. 

වොෂින්ටනයේ මානුෂීය ආධාර පිළිගැනීමට ඉරානයේ කිසිදු අදහසක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

"ඇමෙරිකානු නායකයන් බොරු කියනවා. ඔවුන්ට ඉරානයට උදව් කිරීමට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ සම්බාධක ඉවත් කිරීම පමණයි. එවිට අපට කොරෝනා වයිරසය පැතිරීම සමඟ සටන් කළ හැකියි" යනුවෙන් රුහානි පැවසීය.

කොරෝනා වයිරසයෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 1,812 දක්වා ඉහළ ගොස් ඇති අතර නව මරණ 127 ක් සිදුව තිබේ.

වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ඉරානයේ, මේ වනවිට ආසාදිත පුද්ගලයින් 21,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර  සෑම මිනිත්තු 10 කට වරක් එක් පුද්ගලයෙකු මිය යන බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

ඉරානය ඇමෙරිකානු ආධාර ප්‍රතික්ෂේප කරයි

Asanka Monday, 23 March 2020 06:14 PM

ඇමෙරිකාව කියන්නේ පුදුම සක්කිලි ජාතියක්.. තමන්ගෙම රටෙ වයිරස් ආසාදනය වුණු මගින්ව බාර නොගත්ත රටක්... අවසානයේදී කියුබාව විසින් කිසිම කියුබානුවෙක් නැති සියලු දෙනාම බාරගත්තා.

:       237       467

KumarTuesday, 24 March 2020 03:44 AM

Asanka , එක්සත් ජනපදයේ ඉන්න වැඩි දෙනා බොහොම හොඳ අය. මෙ රටේ කවමදාවත් ජිවත්නොවී මෙරට ගැන කියන්නේ කොහොමද? මෙතරම් නිදහස තිබෙන රටක් ලොවේම නැති බව කියන්න ඕනෙ. ඉරානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය අක්‍රමනයකරලා එහි සේවක මණ්ඩලය ප්‍රාණ ඇපකරුවන් ලෙස ගත්ත එකේ තරහ තවම තිබෙනවා. එවැනි දෙයක් කලොත් ප්‍රති ප්‍රහාරයක් බලාපොරත්තු වෙන්න ඕනෙ. ඔය කියන කියුබා සිද්ධිය ගැන අපට අසන්න ලැබුනේ නැහැ. එවැනි දෙයක් කරලා මෙරට මාධ්‍යයෙන් සඟවන්න හැකියාවක් නැහැ,

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 24 March 2020 12:52 AM

ඉරානය කියන්නේ ලෝකයම රුවටීමට උත්සාහ ගන්න රටක් බව මෙ පුවතින් පැහැදිලිව පේනවා. මානුෂික හේතුන් මත ඇමරිකාව දෙන ආධාර ඔවුන් බාරනොගන්නේ එමගින් ඉරානයේ න්‍යෂ්ඨික අවි නිපදවීමට අපහසුවන නිසයි.

:       0       1

ලුම්බිණි Tuesday, 24 March 2020 01:24 AM

තම රටේ මියයන අහිංසක මිනිසුන් ගැන හිතනවා නම් ඉරානය කල යුත්තේ සම්බාධක ගැන කතා කරකර ඉන්නවට වඩා මොන රටින් ලැබෙන අධාරය හරි අරගෙන මියයන ගණන අඩු කර ගැනීමයි. මෙය දේශපාලනය කරන වෙලාවක් නොවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 30 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site