IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දියාවේ ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට කොරෝනා වැළඳෙන අගය හඳුනාගැනේ

ඉන්දියාවේ, සෑම ආසාදිත පුද්ගලයකුගෙන් ම තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමේ සාමාන්‍ය අගය 1.7%ක් බව චෙන්නායිහි ගණිත සහ විද්‍යාව පිළිබඳ උසස් ආයතනයේ විද්‍යාඥවරුන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව මෙම අගය ඉතා අඩු මට්ටමක පවතින බවද එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.

අද වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 169 දක්වා ඉහළ ගොසිනි.

වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වන අතර, එම අගය 45කි. දිල්ලි ප්‍රාන්තයේ ආසාදනය වූවන් සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොසිනි.

මේ අතර, අද සිට මාරුතු 31 දක්වා කාලය තුළදී ඉන්දියාවට පැමිණෙන ඉන්දීය ජාතිකයන් 26,000ක් නිරෝධායනයට යොමුකිරීමට බ්‍රිහාන් මුම්බායි නාගරික සංස්ථාව තීරණය කර ඇත.

ඊයේ දිනයේදී සිඩ්නි නුවර සිට පැමිණ, වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන ආසාදිත පුද්ගලයකු නිරෝධායනය සඳහා රඳවා තිබූ සෆ්දාර්ජුන් රෝහලේ 7 වන තට්ටුවෙන් බිමට පැන ඇති අතර, තුවාල ලබා මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, අද රාත්‍රියේදී ඔහු ජාතිය ඇමැතීමට නියමිතය.



අදහස් (7)

ඉන්දියාවේ ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට කොරෝනා වැළඳෙන අගය හඳුනාගැනේ

rocky Thursday, 19 March 2020 08:07 AM

කරුණාකරලා මේ ගැන අපට පැහැදිලි භාෂාවකින් තේරුම් කරලා දෙනවද? මොකද්ද මේ අගය කියන්නේ? කොරෝනා වයිරස් එක අගය තියන බඩුවක්ද? වෙළඳපලේ විකුණන්න පුලුවන්ද?

:       59       75

samanThursday, 19 March 2020 08:31 AM

කෙනෙකුගෙන් තවෙකෙකුට රෝගය බෝවීමේ සම්භාවිතාවය 0.17 (17%)ක් බව තමයි මට නම් හැඟීයන්නේ...

:       0       3

rasika Thursday, 19 March 2020 08:16 AM

අඩු තක්සේරුවක් වගේ... යුරෝපයට වුණු දේ හොඳින් දැක්කා...

:       0       32

Ranjan Thursday, 19 March 2020 08:17 AM

කොහොම වුණත් සති 2-3 ඉන්දියාවේ සංචාරයකර ලංකාවට පැමිණි කට්ටියම ගෙදර යවලා නිවසට වෙලා ඉන්න කියලා දැන් මේ ආච්චිලා සීයලා ටික ළඟපාත කට්ටියට විස්තර නොකියා සිටීද?

:       1       61

banda Thursday, 19 March 2020 08:39 AM

උෂ්ණ රටවල මෙය පැතිරෙන්නේ නැති තරම්ය . මෙයට හොදම උදාහරණය අප්‍රිකානු කලාපය හා කැරිබියානු දුපත්...

:       0       0

sam Thursday, 19 March 2020 08:58 AM

ඉන්දියාවේ අගමැතිත් ජාතිය අමතන්න යනවා කියන්නේ... එහෙත් සැමන්වලයි, පරිප්පුවලයි මිල අඩුවේවි...!!!

:       1       3

thilak Thursday, 19 March 2020 09:18 AM

එහෙත් සැමන්, පරිප්පු මිල අඩුකරයිද දන්නේ නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site