IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 15,000ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (21) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 15,413ක් විය.

අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 4,10,461ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 366ක් වාර්තා වු අතර ඒ සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 13,254ක් දක්වා ඉහළ ගියේය.

ලොව සිව්වැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ඉන්දියාව නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට ද පත්ව ඇත.

ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,69,451ක් වන අතර සුවය ලබා පිටව ගිය රෝගීන්ගේ ගණන 2,27,756කි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,28,205ක් විය. ඉන්පසු තමිල්නාඩුවෙන් ආසාදිතයන් 56,845 දෙනකු, දිල්ලියෙන් ආසාදිතයන් 50,746 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 26,780 දෙනකු ඊයේ පස්වරු වනවිට වාර්තා වී තිබිණි.

ඉන්දියාවෙන් ඊයේ (20) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 14,516 දෙනකු වාර්තා වූ අතර වාර්තා වූ නව කොරෝනා ආසාදිත මරණ ගණන 375 කි.

මේ වනවිට අඛණ්ඩව දින දහයක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා වී ඇත.
අසල්වැසි පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන පිළිවෙළින් 1,71,666ක් සහ 1,08,775ක් ලෙස දැක්විණි.


එන්.ඩී.ටීවී./අල්ජසීරා

055



අදහස් (0)

ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 15,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 219 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site