ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (15) වාර්තා වූ අතර එම ගණන 29,429ක් ලෙස දැක්විණි.
ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,36,181ක් දක්වා ඉහළ ගියේය.
මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන 3,19,840ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන 5,92,032කි.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 24,309කි.
නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,67,665කි. දෙවැනියට තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,47,665කි. දිල්ලියෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 1,15,346ක් වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 44,077කි.
එන්.ඩී.ටීවී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවෙන් දිනකදී වයිරස ආසාදිතයන් 29,400 ක්
hitan Thursday, 16 July 2020 06:02 AM
ඉන්දියාවත් ලංකාව වගේ PCR ටෙස්ට් යවනවද දන්නේ නැහැ. එහෙමනම් ඇත්ත ගාන කොහොම ඇද්ද?