IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉතාලියේ සිට ආ වෙන්නප්පුවේ 280 ක් ස්වයං නිරෝධායනයට

(රවීන්ද්‍ර ලියනගේ)

ඉතාලියේ සිට පෙබරවාරි 1 දා සිට  මාර්තු 10 වැනිදා දක්වා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 52 ක සිටි ශ්‍රි ලාංකිකයන් 280 දෙනෙකු  ස්වයං නිරෝධායනයට ලක්කර දැඩි පරික්ෂාවෙන් සිටින බව වෙන්නප්පුව  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කා‍ර්යාලය පවසයි.

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ලැබී තිබූ තොරතුරු අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ‍මෙම ශ්‍රී ලාංකිකයින් පදිංචි නිවාස සෝදිසි කර විදේශ  රටවලින් පැමිණි සිටි පිරිස් වෙත සෞඛ්‍ය උපදෙස් හා අවවාද කර නිවෙස් තුළින් බැහැරව නොගොස්  වෙනම සිටින බවට දැනුවත් කර ඇත.

දැනට ස්වයං නිරෝධානය කර සිටින 280 දෙනා දෛනිකව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නිවෙස් වලට ගොස් පරික්ෂා කරන අතර එම පිරිස්  මේවන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින ද බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මේ අතර කොරෝනා වයිරසය  පැතිරීයාම වළක්වා ගැනීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය  එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙන්නප්පුව ග්‍රාම සේවා වසම් 52 ක අත්පත්‍රිකා, බැනර්, පෝස්ටර් හා ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ජනතාව දැනුවත් කරමින් සිටී.

වෙන්නප්පුව බස් නැවතුම් පොළ, වෙළද සංකිර්ණ, හා සුපර් වෙළඳසැල් වලට පැමිණෙන  ජනතාවට විෂබිජ නාශක යොදා අත් පිරිසිදු කර ගැනීමට ද පහසුකම් සපයා ඇති බවද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය.

 



අදහස් (2)

ඉතාලියේ සිට ආ වෙන්නප්පුවේ 280 ක් ස්වයං නිරෝධායනයට

ලුම්බිණි Wednesday, 18 March 2020 08:24 AM

මොන රටේ ඉඳලා ආවත් වැඩක් නැහැ. පනවා තිබෙන නීතියක් තේරුම් ගන්න බැරිනම්...

:       0       26

samira Wednesday, 18 March 2020 10:37 AM

වෙන්නප්පුව සම්පූර්ණයෙන්ම නිරෝධායනය කරන්න. ඔක්කොම වයිරස් තියෙන්නේ එහෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site