(නිමාලි කහවල)
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරේහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් 13 ක් මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
ඉංගිරිය සිට කතරගම ප්‍රදේශයේ චාරිකාවක් සඳහා ගොස් සිටි අතරතුර එම පුද්ගලයින් නවාතැන්ගත් ස්ථානයකට කොරෝනා ආසාදිත පුද්ගලයකු පැමිණ ඇති බවට තහවුරු කරගත් තොරතුරු මත ඉංගිරිය, ඉමගිර ප්‍රදේශයේ නිවෙස් දෙකක සාමාජිකයින් පිරිසක් සහ කොරෝනා ආසාදිතයකු පැමිණ ගිය බවට තහවුරු වූ හොරණ නගරයේ ආපන ශාලාවක සේවය කළ රත්මල්ගොඩ ප්‍රදේශයේ මුදල් අයකැමිවරයකු ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
මෙම ස්ථාන දෙකටම පැමිණ ඇති කොරෝනා ආසාදිතයින් දෙදෙනාම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ යුද හමුදා සාමාජිකයින් බවට තහවුරුව ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොරෝනා ආසාදිත එක් යුද හමුදා නිලධාරියකු සිය බිරිඳ ද සමඟ පැමිණ ආහාර ලබාගත් හොරණ නගරයේ ආපනශාලාව මේ වනවිට විෂබීජහරණයට ලක්කර වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. එහි සේවය කළ අඟුරුවාතොට ප්‍රදේශයේ තවත් අයෙකු ඇතුළු එම පවුල්වල සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
හොරණ නගරයේ මෙම ආපන ශාලාවට පැමිණි හමුදා නිලධාරියා සිය බිරිඳ ද සමඟින් හොරණ සිට ඉංගිරිය හරහා රත්නපුර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට ගමන්කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් ඒ සඳහා යොදාගත් ප්‍රවාහන සේවා සහ ඒවායේ ගමන්ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉංගිරිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ඉංගිරිය පොලිසිය එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉංගිරියේ පුද්ගලයින් 13 ක් නිරෝධායනයට
mashta baldu Thursday, 16 July 2020 05:19 AM
කන්දකාඩු හමුදාව හැමතැනම ඉඳලා...