IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි

කොරෝනා වයිරසය වැඩිහිටියන් අතර පමණක් නොව, තරුණ පිරිස අතරද ව්‍යාප්තවෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු සහ විශේඥවරු අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති.

ඇමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන වයිරසය පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, මීට ඉහතදී අපේක්ෂා කළ ආකාරයට තරුණ පිරිස වයිරසයේ අවදානමෙන් ඉවත් වී නොමැති බවයි.

එබැවින්, වැඩිහිටියන් පමණක් නොව තරුණ පරපුරද තම තමන්ගේ යහපත වෙනුවෙන් මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කරන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇත.

වයිරසයේ ගෝලීය බලපෑමෙන් ඉවත්වීම සඳහා තරුණයන් රංචු ගැසී ෆ්ලොරීඩාවේ වෙරළතීරවලට වී සිටින දර්ශන රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය වීමත් සමග මහජන සෞඛ්‍ය නිලධාරීහු සහ විශේෂඥවරු මෙලෙස අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති.

පාරිභෝගිකයන් අතරින් තරුණ පරපුර බහුලව යන එන අවන්හල් සහ මත්පැන්හල් වසාදමන ලෙස බලකිරීමටද පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ.



අදහස් (1)

ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි

ravi Thursday, 19 March 2020 07:19 AM

මේ අසනීපයට ගොදුරුවීමට කිසිම සුදුසුකමක් නැහැ.. තරුණ, වයස.. කාන්තා, පිරිමි, දුප්පත්, පොහොසත්.. මේ කිසිම භේදයකින් තොරව මේ වසංගතය මේ වෙනකන් පැතිරිලා තියන බව සනාථයි...!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site