(එස්. ඩී. කොඩිකාර)
මෙදේරිපිටිය ප්‍රදේශයේ දී ඇඳිරිනීතිය කඩ කරමින් මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදී සිටි කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකෙ තුවාල ලබාදෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.
පහරදීම සම්බන්ධයෙන් පල්ලෙගම , මෙදේරිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 -25 අතර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් කණ්ඩායමක් හඳුනාගෙන ඇති ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
දෙනියාය ,මෙදේරිපිටිය ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට හෙඩ් ගසන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇඳිරිනීතිය කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සුදු ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් කණ්ඩායමක් විසින් මෙම පොලිස් නිලධාරීන්ට පහරදී තවත් පිරිසක් පැන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
30
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇඳිරි නීතිය තිබියදී සූදු කෙළි පිරිසක් පහරදී පොලිසියේ දෙදෙනෙකු රෝහලේ
රවින් Monday, 23 March 2020 10:30 AM
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැතිනම් කොර වාට්ටුවේ තමා පිහිට පතන්න තියෙන්නේ.
sudda Monday, 23 March 2020 10:40 AM
මොවුන්ව කොරෝනා අසාධිතයින් ළගින් තියන්න.
නන්නාදුනන හාදයා Monday, 23 March 2020 10:52 AM
පොලිසියේ මහත්වරුනි...ලැජ්ජයි.. මේ තීරණාත්මක අවස්ථාවේ ඔය වැනි සමජවිරෝධි වැඩ කරන අය ,ඒවගේම ඔබලාටත් තර්ජනය කරන අය මර්දනය කරන්න. ඇත්තටම ඔබලාට තුවක්කුවක්වත් තිබුනේ නැතිද...
Nuwan Monday, 23 March 2020 11:39 AM
ෙසෟඛ්‍ය සේවකයන් අත ඉන්ජෙක්ෂන් තිබෙන්නා වගේම පොලිසිය අත ටී56 තියෙන්නේ පොල් ගාන්නද? රටම අනතුරේ හෙලන මෙවැනි අයට එතැනදීම අදාළ ප්‍රතිකාර ලබාදෙන්න.
Raveendra Monday, 23 March 2020 12:02 PM
අනේ අම්මපා මෙවන් තිරිසනුන්ට රාළහාමිලාගේ අත්වැරදීමකින් ආයුධ පත්තු නොවුනේ මන්ද ?