(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 20 දෙනෙකු නාවික හමුදාව විසින් බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස් අතර කාන්තාවන් තිදෙනෙකු කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.
පුත්තලම හා හලාවත ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවා තිබියදී ඊයේ (19) පස්වරුවේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
පිරිසක් බෝට්ටුවකින් මන්නාරම ප්‍රදේශයට පලා යාමට උත්සහ කරන බවට හමුදාව වෙත ලැබුණු තොරතුරක් අනුව බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් කල්පිටිය හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට
Prabha Friday, 20 March 2020 01:03 PM
අනේ මෙහෙමත් මිනිස්සු.
Manoj Friday, 20 March 2020 01:13 PM
මේ වගේ මෝඩ වැඩ කරනවද මේ වෙලාවේ.
Samwil Friday, 20 March 2020 02:07 PM
පුත්තලමේ ඉන්නේ මෙහෙම අය තමයි.