ගුරුවරුන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සෙනගල් රාජ්‍යයේ පාසල් ආරම්භ කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බටහිර අප්‍රිකානු රටක් වන සෙනගල් හි දකුණු දිග කැසාමන්ස් පළාතේ සිගුයින්චෝර් ප්‍රදේශයේ ගුරුවරුන් කිහිපදෙනකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර අද (02) විවෘත කළ පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමනු ලැබීය.
කෙසේවුවද ගුරුවරුන් කී දෙනකු ආසාදිතයන් බවට පත්ව ඇද්ද හෝ ඒ කුමන පාසල් වලද යන්න හෙළිකර නොමැත.
කොරෝනා වසංගතය හේතුවෙන් සති ගනනාවක් වසා තිබුණු පාසැල් ජුනි 02 සිට ක්‍රම ක්‍රමයෙන් විවෘත කරන බව සෙනගල් රාජ්‍යයේ සෙනෙට් සභාව නිවේදනය කර තිබිණි.
පාසැල් නැවත විවෘත කිරීමට සූදානම් වීම සඳහා අගනුවර සිට බස් රථ වලින් ගුරුවරුන් වෙනත් කළාප වලට රැගෙන යෑම ආරම්භ කර තිබූ නමුත් පසුව අධ්‍යාපන අමාත්‍යාංශය කියා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු මෙම සේවයද අත්හිටවූ බවයි.
සෙනගල් හි කොවිඩ් - 19 ආසාදිතයන් 3 739ක් වාර්තා වී ඇති අතර මරණ 43ක් සිදුවී තිබේ.
සෙනගල් රාජ්‍යයේ ඩකාර් අගනුවරට නුදුරින් පිහිටි පිකයින් ප්‍රදේශයෙන් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවිය.
ආසාදිතයන් ඉහල යද්දී පාසැල් ආරම්භ කිරීමට සැලසුම් කිරීම සම්බන්දව බොහෝ දෙනා රජය විවේචනය කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආසාදිත ගුරුවරුන් හමුවීමෙන් සෙනගල් හි පාසල් වහයි