IMG-LOGO

ආසාදිතයන් රඳවන්න දකුණේ රෝහල් 8 කට ප්‍රතිපාදන

(ජේ.කේ.එල් චාමින්ද)

කෙරෝනා වයිරසය ආසාදනය වී ඇති  බවට සැකසහිත රෝගීන්   හමුවුවහොත් ඔවුන් තාවකාලිකව ඇඳවීම සඳහා දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහල් 8කට අවශ්‍ය  යටිතල පහසුකම්  සකස් කරගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
 
දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා මගින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත එම ප්‍රතිපාදන ලබාදී ඇති බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය. මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කිවේය.
 
 'දැනට කොරෝනා බවට සැකසහිත රෝගීන් සඳහා  කරාපිටිය හම්බන්තොට යන රෝහලවල තමයි විශේෂිත වාට්ටු තියෙන්නේ. ඒ අතරතුර පළාතේ වෙනත් ස්ථානයකින්  රොගියෙක් නිශ්චය කරගතහොත් සැක සහිත රෝගියෙක් හමුවුවහොත්  එම රෝගීන් තාවකාලිකව රඳවන්න ප්‍රදේශීය රෝහල් 08ක අවශ්‍ය පහසුකම්  සකස් කරගැනීමට ප්‍රතිපාදන ලබාදී තියෙනවා. මේ දක්වා දකුණු පළාතේ රෝහල්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී තියෙනවා.
 
දකුණු පළාතෙන්ම විදේශිය ජාතිකයා හැරුණු විට එක  ආසාදිත රෝගියෙක් පමණයි හමුවෙලා තියෙන්නේ. ආරම්භයේ සිටි කොරෝනා බවට සැකකරන රෝගීන් 150ක් කරාපිටියේ හා හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලැබුවා. ඒ කිසිම අයෙකුට කොරෝනා වයිරසය වැළදි ඇති බවට තහවුරුවෙලා නැහැ. දකුණු පළාත තුළ කොරෝනා වයිරසය පැතිරීම පාලනයට  අපි සියලු ක්‍රියා මාර්ග අරගෙන තියෙනවා. මෙම තත්වය තවදුරටත් ආරක්ෂා කරගතයුතු වෙනවා. පළාතේ දිසාපතිවරු තිදෙනා ආරක්ෂක ප්‍රධානින්, පළාත් අමාත්‍යංශවල ලේකම්වරු  කොමසාරිස්වරුන්ගේ  සහභාගිත්වයෙන්   මේ සඳහා සම්බන්ධීකරණයක් කරලා තියෙනවා. අපි රැස්වෙලා විවිධ තීරණ ගත්තා. එම තීන්දු තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇඳිරි නීතිය අවසන්වීමෙන් පසු සතොසට අමතරව සමුපාකාර මගින්ද භාණ්ඩ බෙදාහැරීමට  කටයුතු කරනවා. ගැස් එම සමාගම්වල එජන්තවරුන් මගින් නිවසට ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් සකස් කොට තියෙනවා' යැයිද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.



අදහස් (0)

ආසාදිතයන් රඳවන්න දකුණේ රෝහල් 8 කට ප්‍රතිපාදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site