(උපුල් තම්මිට)
අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇතැයි පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසයි.
කොරෝනා රෝගය විය හැකි බවට සැකපිට වවුනියාව පොළොන්නරුව දිස්ත්‍රික්කවල රඳවා සිටින සැක සහිත රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති රසායනාගාරයෙදී බව ඒ මහතා පෙන්වාදෙයි.
ඊයේ (21) පොළොන්නරුවේ සිට පැමිණි රෝගීන් හතරදෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීමේදී එම රෝගීන් හතරදෙනා කොරෝනා වයිරසය වැළදී ඇති බවට බවට තහවුරු වූ බවත් පෙන්වාදෙන ඒ මහතා එම රෝගීන් අනුරාධපුරයෙන් හමුවූ බවට පළකරන පුවත් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටියේය.
පැතිර යන අසත්‍ය පුවත හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන් මෙන්ම නගර වාසීන්ද නොසන්සුන්තාවයට පත්ව ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූවේ යැයි කීම අසත්‍යක්
Ranjith Sunday, 22 March 2020 05:02 AM
දොස්තර නාමල් බේබි මේක කියලා තිබුණා කලින්ම ... ඒ හින්ද අපි පිළිගත්තා -