(මුදිතා දයානන්ද )
ප්‍රංශය ඇතුලු ඇතැම් රටවල මෙන් වෛද්‍ය ප්‍රතිකාර හා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ජනතාව නිවසින් බැහැර වන පරිදි ආණ්ඩුව තත්ත්වය කළමණාකරණය කරන්නේ නම් සති හතරත් හයත් අතර කාලයකදි කොරෝනා තත්ත්වයෙන් සම්පුර්ණයෙන්ම රට මුදාගත හැකි බව ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා අද (15) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ලේ පිහිටි ජාතික ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදිය.
දක්ෂ වෛද්‍යවරුන්, දක්ෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් , දක්ෂ වසංගත රෝග විද්‍යාඥයින් සිටින රටක් ලෙසද, ඉතිහාසයේ ඇති වු බොහෝ ව්‍යවසන තත්ත්වයන් වළදී ඉතාමත් සාර්ථකව මුහුණ දී ඇති රටක් ලෙසද කොරෝනා වෛරසය පිටුදැකීමේ හැකියාවක් ලංකාව සතු බවද අබේසිංහ මහතා පැවසීය.
සුනාමිය ඇති වු අවස්ථාවේ එයට මුහුණ දුන් බොහෝ රටවල වසංගගත පැතිර ගියත් එකල ලංකාවේ කිසිදු වසංගත රෝගයක් පැතිර නොගිය බවද ඔහු පැවසීය. වසංගත රෝග විද්‍යා ආයතනයේ බෝවන රෝග පිළිබඳව උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පිහිටුවා ඇති අතර වසංගත තත්ත්වයකදී රජයට උපදෙස් දෙන්නේ එම කමිටුවෙන් බවද, අනෙක් අයගේ කාර්යය වන්නේ එම උපදෙස් අනුව ක්‍රියාත්මක වීම වන නමුත් මේ වනතෙක් එම ක්‍රියාමාර්ග අතපසුව ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව සියලු භෞතික හා මානව සම්පත් නිසි පරිදි කළමණාකරනය කරන්නේ නම් , වසංගත රෝග විද්‍යා ආයතනය නිසි උපදෙස් ලබාදෙන්නේ නම් හා ආණ්ඩුව ගත යුතු තීන්දු තිරණ නිසි පරිදි නිසි වෙලාවට ගන්නේ නම් කොරෝනා පරාජය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවන බවද ඔහු පැවසීය.
මෙරට වසංගත රෝග විද්‍යා ආතනය පිහිටුවා වසර 60ක් පමණ ගත වන අතර මේ කාලය තුළ මෙවැනි වසංගත රෝග කිසිවක් මෙරටට හානිකර ලෙස බල නොපෑ බවද ඔහු පැවසීය. 2002-2003 වසරවල හොංකොං ආශ්‍රිතව කොරෝනා වෛරස තත්ත්වයක් වන සාස් රෝගය පැතිර ගිය අතර 2012 සිට මැද පෙරදිග කලාපයේ මර්ස් නමැති කොරෝනා වෛරස තත්වය ඇතිවූ බවද ඒ කිසිවකින් ලංකාවට බලපෑමක් නොවු බවද අබේසිංහ මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ අතව්‍යශ සේවා සඳහා පමණක් නිවසින් බැහැර වෙනවානම් තත්ත්වය ඉක්මනින් පාලනය කළ හැකියි‘