(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙසට මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) නිෂ්ප්‍රභ කළේය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දෙන ලදී.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයන් තිදෙනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන අය නම් කරනු ලැබ තිබිණි. .
පෙත්සම අද(9) බැලීමට කැදවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මූලික විරෝධතාවය ඉදරිපත් කරමින් කියා සිටියේ එම පෙත්සම පෙන්වා දෙන කරුණ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගැසීමක් බවත් , පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 (3) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට ද මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් විය නොහැකි බවය.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 (3) වගන්තිය ප්‍රකාරව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කල බව දැනුම් දුන් විට එය පිළිගැනීමට මැතිවරණ කොමිසම සිදුවන බවය
එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව සහ පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එම පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරංජන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන අයෙකුට "අපේ ජාතික පෙරමුණ" පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බව සඳහන් කළේය.
එසේ තිබිය දී අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම, සමගි ජන බලවේගය වශයෙන් වෙනස් කොට එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු පිළිගනිමින් ඉකුත් මාර්තු 12 වනදා මැතිවරණය කොමිසම විසින් නිකුත් කර ඇති ලිපිය එම පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිඥ නෙරංජන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලතල පෑවරී තිබෙන්නේ එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට වුවද , ප්‍රශ්නගත සංශෝධනය එම කාරක සභාව හරහා සිදු වී නොමැති බව ද පෙත්සම්කාර නීතීඥවරයා සඳහන් කළේය.
මැතිවරණ නීතියට අනුව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන අවස්ථාවක ඒ පිළිබඳව දින 30 ක් ඉක්ම යාමට මත්තෙන් මැතිවරණ කොමිසම දැනුවත් කළ යුතු යැයද පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය.
එහෙත් මෙම පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව විධිමත් දැනුම් දීමක් සිදු කර නොමැති අවස්ථාවක එම පක්ෂයේ නම සමගි ජන බලවේගය ලෙස වෙනස් කර එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු පිළිගැනීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීතිවිරෝධී බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
ජන බලවේගයේ නායක හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කිසිදු නීතිමය පදනමක් නැති බවය.
එබැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
පෙත්සම්කාර ඕෂල හේරත් මහතා සිය පෙත්සමින් සඳහන් කර සිටියේ සමගි බලවේගය වශයෙන් නාම යෝජනා භාරදී තිබෙන පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමති පක්ෂය පදනම් කරගෙන බවත්, සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේදී අදාල පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බවත්ය.
ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට භාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර තිබිණි.
එබැවින් අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන
ලෙස පෙත්සම්කාර ඔෂල හේරත් මහතා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නෙරංජන් ද සිල්වා මහතා පෙනී සිටියේය
වගඋත්තරකාර සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහා යන මහත්වරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මැතිවරණ කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා සජිත් ...!!! මේ පාර රනිල් මහින්ද මගඩිය ඉවරයි. ඔබට ජය. ඒ වගේම මහජනතාව අමතලා ප්‍රසිද්ධියේ පක්ෂයක් කරන්න මේක අත්සන් කරන්නේ නැහැ කියලා. ජනතාවගේ සියළුම ඡන්ද ඔබේ අපේක්ෂකයින්ට ලැබෙනවා. ඔබ අගමැති වුණාට පසුවත් ඒ පොරොන්දු එ් විදිහටම ක්‍රියාත්මක කරන්න. නැතිනම් රට ගිනි ගොඩක් වේවි...!!!
කොහොමත් එකයි. රනිල් කරපු සහ කරන්න හදපු රට, ජාතිය, ආගම පාවාදීම් හමුවේ කරපු එකම හොඳදේ තමයි එජාප පාක්ෂිකයින්ද ඇතුළුව රටේ ජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කරපු යූඑන්පී එකේ හිටපු 99 දෙනෙක්වම වෙනම කූඩෙක දාලා ඡන්දෙට ඉදිරිපත් වෙන තැනට පාර හදපු එක. ඒ 99 ලැයිස්තුව දැක්කහම ඡන්ද දායකයාගේ කට කොනට හිනාවක් එන්න ඇති සහ රනිල්ගේ මොලේ අලයක් නෙමෙයි කියලත් හිතෙන්න ඇති...
අපි කාටවත් වැඩක් නැති දෙයක් වගේ පෙනුණාට මේ ලිපියෙන් ඉතා වැදගත් කරුණු ටිකක් මතුවෙනවා. එකක් තමයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර කරුණුවලට මැදිහත්වීමට අධිකරණයට පවා බලයක් නැතිබව සහ ඒ වගේම මැතිවරණ කොමිසමටත් පක්ෂයකින් දෙන ලියවිලි ඒ අයුරින් පිළිගන්න සිදුවන බවත්.... ඒ අනුව යම් දේශපාලන පක්ෂයක වැරදි සිදුවීම් කෙරෙනවා හෝ කරනවා නම් මැතිවරණ කොමිසමට වැරදි තිබෙන බව දැනදැනත් ඔලුව පහත් කරන්න වෙලා තියෙන්නේ... එය එක්තරා අන්දමක අවනීතියක්. අනික් කරුණ තමයි මෙයින් අධිකරණය සහ මැතිවරණ කොමිසම නොකිය කියන්නේ සමගි ජන බලවේගය නමින් නාම යෝජනා දීපු ක්‍රමය වැරදි බව පෙනුණත් ඔවුන්ට වැරැද්ද නිවැරදි කරන්න බැරි බව... ඒ අනුව බැලුවම ඕශල හේරත් කරන්න ඕනේ අපේ ජාතික පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ක්‍රියා පටිපාටියට විරුද්ධව නඩු දැමීමයි. නමුත් එය කරොත් එය සලකන්නත් උසාවියට බලයක් තිබෙනවද? මේ සිදුවුණු දෙය අපේ නීතිය අච්චාරු වුණු අවස්ථාවක් හැටියට පෙනෙන්නේ මට විතරද? මෙය දේශපාලන පක්ෂ ප්‍රශ්නයක් නෙවෙයි.. අපගේ මැතිවරණ සහ දේශපාලන නීති ක්‍රමය ගැන ප්‍රශ්නයක් විතරයි...
ලංකාවෙත් රැල්ලක් පටන්ගත්තොත් දිගටම ගෙනියන්න ඕනෑ. මේ හොරු ඔක්කොම එළවලා හරි, මරලා හරි අලුත්ම ප්‍රගතිශීලි නායකයින් රට පාලනයට පත්කර ගත යුතුයි.