( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල , කොළඹ , කලුතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලින් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු "අපේ ජන බල පක්ෂයේ " අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් සලකා බැලීම ලබන 25 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියම කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ඇතැම් වගඋත්තරකරුවන්ට නොතීසි නොලැබීම හේතුවෙන් මෙම රිට් පෙත්සම් සලකා බැලීම අධිකරණය මෙදිනට කල් තැබිණි.මෙම රිට් පෙත්සම බුවනෙක අලුවිහාරේ ,එල් . ටී. බී දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැඳවූණි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සදහා අපේ ජන බල පක්ෂයේ නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව පවසමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කළහ .
මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය ,එහි සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, අදාළ දිස්ත්‍රික්ක වල තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම විභාග කර තීන්දුවක් දෙන තෙක් කුරුණෑගල , කොළඹ ,කලුතර සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක කිහිපයකට තරග කිරීමට ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් ඇතුළු අපේ ජන බල පක්ෂයේ අපේක්ෂකයන් ගේ නම් ඇතුලත් නාම යෝජනා පත මාර්තු මස 19වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත ලබා දුන් බව පෙත්සමෙහි සදහන් වේ.
එහෙත් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට අදාළ දිස්ත්‍රික්ක වල තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කළ අතර එම නාම යෝජනා පත්‍ර සමග ලබා දුන් දිවුරුම් පෙත්සමක දෝෂයක් නිසා නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එහෙත් එවැනි හේතුවක් මත නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීවරයා ට බලයක් නැති බවට පෙත්සම මගින් පෙන්වා දී ඇත.
එබැවින් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ද නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
එසේම සිය නාම යෝජනා බාර ගන්නා ලෙස වගඋත්තර කරුවන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
නීතිපති වරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය...
ඔයවගේ දේවල්වලට කාලය නාස්ති කරනවට වැඩිය හොඳයි.., කෙලින්ම කුණුකූඩයකට වීසිකරල දාන එක...
සිංහල බෞද්ධ ඡන්ද කඩන්න පුදුම මහන්සියක් ගන්න ඔබට මහන්සි නොවී සුවයෙන් ඉන්න ලැබේවා...!!!
මේ නඩුව නැතිනම් උන්නද කියලා හොයාගන්න ලැබෙන්නේ නැහැ. කොරෝනා නිසා සිංහල මිනිස්සු දුක් විඳිනවා... අපේ හාමුදුරුවනේ. පොඩ්ඩක් හොයලා උදව් කරන්න පින් අයිතිවෙයි.