(අජිත්ලාල් ශාන්තඋදය)
සිංහරාජ වනාන්තරයෙන් සත්ත්ව සහ ශාක කොටස් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා 37 කට වරද පිළිගත් ස්ලෝවැකියානුවන් පස් දෙනෙකුට අද (13) රුපියල් එක්කෝටි අට ලක්‍ෂ හතළිස් දහසක දඩයක් නියම කළ කලවාන මහේස්ත‍්‍රාත් ඩිලාන් වීරවර්ධන මහතා බරපතල වැඩ සහිතව මාස තුනක දඩුවම්ක් නියම කර එය වසර දහයකට අත්හිටුවීය.
මෙසේ දඩ නියම වූයේ ස්ලෝවැකියානු ජාතිකයන් වූ මිචාල් නචාර් , එඞ්වර්ඞ් සෙකානස්කි , මිචාල් රෙච්ටර් ,ඉවාන් රෙච්ටර්,රැඩොස්ලාව් කොපෙකි යන පස් දෙනායි.
සැකකරුවන් රටින් පිට කිරිමට ගෙන ගිය සත්ත්ව සහ ශාක විශේෂ වල වටිනාකම මිලකළ නොහැකි බවත් ඇතැම් විශේෂ ඒකදේශක සහ සිංහරාජයේ පමණක් ඇති ඒවා බවත් වනසංරක්‍ෂණ නිලධාරීහු දැනුම් දුන්හ.
සිංහරාජ වනාන්තරයට යාබද කලවාන වැද්දාගල කුඩව ගම්මානයේ ලැගුම්හලක සිට මෙම පිරිස පිළිබඳව සිංහරාජ වනාන්තරය භාරව කටයුතු කරන වනසංරක්‍ෂණ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත මොවුන්ගේ ගමන් මලු සහ ඔවුන් පැමිණි වෑන් රථය පරීක්‍ෂා කිරීමේ දී සමනලුන්, හකරැල්ලන්, තණකොළ පෙත්තන්, කුරුමිණියන්, කුහුඹුවන්, කංගන්, ගෝණුස්සන්, සළබයින්, බත්කූරන් ආදී සතුන් ද, ඔකිඞ් වර්ගවලට අයත් ශාක සහ තවත් ශාක වර්ග රැසක බීජ ඉතා සුරක්‍ෂිත අන්දමින් ප්ලාස්ටික් අසුරණවල අසුරා තිබී සොයාගනු ලැබිනි. ඉන් සමහර සතුන් පණපිටින් සිටිනු නිරීක්‍ෂණය කරනු ලැබීය.
පසුගිය ජනවාරි 02 දා අත්අඩංගුවට පත් විදේශිකයන් එදින සිට රිමාන්ඞ් බාරයේ පසුවූ අතර බන්‍ධනාගාරය මගින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුව අද (13) කලවාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැඳවු අවස්ථාවේ චෝදනා පත‍්‍රය ස්ලොවැකියානු භාෂාවට පරිවර්තනය කර පහදාදීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙනු පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වීය.
ශ‍්‍රී ලංකාවේ වැඩ ආවරණය කරන දිල්ලි නගරයේ නේවාසිකව සිටි ස්ටෝවැකියානු මහකොමසාරිස්වරිය ද නඩුවිභාගයට නව දිල්ලියේ සිට පැමිණ සිටියාය.
වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කලවාන අඩවිවන නිලධාරී ලක්‍ෂමන් රත්නවීර මහතා පැමිණිල්ල මෙහෙයවමින් සැකකරුවන් පස්දෙනාට කැලෑ ආඥා පනත සහ වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත අනුව චෝදනා 37ක් ගොනු කරන බව දැන්වීය.
ඒ අනුව අධිකරණයට සහායවීමට පැමිණ සිටි භාෂා පරිවර්තකවරයා සැකකරුවන්ට එරෙහි චෝදනා ස්ලෝවැකියානු භාෂාවට පරිවර්තනය කර දෙන ලැබිනි.
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිංහරාජයෙන් ශාක කොටස් ගෙන යාමට තැත්කළ විදේශිකයන්ට කෝටියක දඩයක්