IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පොඩි ලැසී අධිකරණයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තමා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන්නැයි  ඉල්ලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ නැමැත්තා  ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, එහි ප්‍රධාන ජේල්ර් ,  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නොවැම්බර් 10 වැනිදා  අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (23) නොතිසි නිකුත් කළේය.
 
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ නැමැත්තා සිය නීතීඥවරයා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නොතිසි නිකුත් කෙරිණී.
 
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණී.
 
‘පොඩි ලැසී‘ නැමැත්තා සිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා , ප්‍රධාන ජේලර් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.
 
ගොනු කල පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.පෙත්සම්කරු අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන , මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.
 
බන්ධනාගාරය තුළදී පෙත්සම්කරුට දැඩි ජීවිත තර්ජන එල්ලවී ඇත. බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටිති.ඒ අනුව බන්ධනාගාරගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය බැඳී සිටි.
 
එබැවින් තර්ජන මධ්‍යයේ බන්ධනාගාරයේ සිටින තමන් ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
 
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.



අදහස් (5)

පොඩි ලැසී අධිකරණයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි

Kamal Koyrala Friday, 23 October 2020 10:36 AM

ඇතුලේ අවුලක් නැහැ කුඩු ආයුධ පෙන්වන්න යන්න එපා.... කංජිපානිගෙන් පස්සේ ඔයා ඉන්නේ ආයුධ පෙන්වන්නේ යන්නේ...

:       0       0

Kuma Friday, 23 October 2020 03:54 PM

ඇයි හැංගුව දේවල් හොයන්න යන්න කතා කරනවා ද?

:       0       7

සේන Friday, 23 October 2020 07:21 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. මර බිය දැනෙන විටවත් මෙවැනි සමාජ පිළිල වලට තමා කළ වැරදි ගැන දැකීමට හැකි වේ නම් අඩුම ගානේ නිරයේ ගත කරන්නට තිබෙන කාලය හෝ අඩු කර ගත හැකි වේවි

:       0       6

මුණසිංහ Saturday, 24 October 2020 03:04 AM

එයාල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුත් ඉන්නවා. අපිට සාමාන්‍ය නීතිඥ මහත්යෙක් අල්ල ගන්නත් මාසෙක වියදම නතර කරන්න වෙනවා?

:       0       10

Bandara Saturday, 24 October 2020 05:11 AM

මධූෂ්ට වූ දේම වුණොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site