IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසට එරෙහි නඩුවේ විභාගය කල්යයි

(මනෝප්‍රිය ගුණසේකර)

 හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුනි මස 22 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (26) නියම කළේය.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
 
වර්ෂ 2013 ඔක්තොම්බර් පළමුවැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් සමාගමක් වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  11ක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි. එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් යම් ආයතනයක් මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.
 
දුෂණ විරෝධී පෙරමුණේ  කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට  අනුව කරන ලද විමර්ශණයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත. පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී  සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
 
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම හැර සෙසු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.සුජානි බෝගොල්ලාගම මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව රෝගී තත්වයෙන් පසුවන හෙයින් අධිකරණයට පැමිණීමට නොහැකි වී ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් වැඩිදුර විභාගය ලබන ජුනි මස 22 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ විනිසුරුවරයා විත්තිකාර සුජානි බෝගොල්ලාගම නමැත්තියගේ රෝගී තත්වය සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, ගනේෂ් ධර්මවර්ධන සහ ජීවන්ත වීරසිංහ යන මහත්වරුන් සහ  ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.



අදහස් (8)

නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසට එරෙහි නඩුවේ විභාගය කල්යයි

Nuwan Tuesday, 26 January 2021 10:46 AM

ඇහුවොත් කියන්නේ සතයක්වත් අයථා උපයලා නැහැලු.. පොඩිකාලේ ඉඳන් ජීවත් වුණේ තාත්තගේ පඩියෙන්... ඊට පස්සේ නීති වෘත්තියෙන්.

:       2       32

විජිත් Tuesday, 26 January 2021 10:51 AM

"ඔක්කොම හොරුන්ව එක ළඟ දවස්වල නිදොස් කොට නිදහස් කළාම නිකම් මොකක්ද වගේ " කියලා නඩු කාරයා හිතන්න ඇති. ඊළඟ වතාවේදී ෂුවර් එකටම මේ හොරා නිදොස් කොට නිදහස් කරනවා. ඒ වගේම නීතිපතිවරයාට තදින්ම අවවාද කරනවා.." මේ වගේ වැදගත් මහත්වරුන්ට නිරපරාදේ චෝදනා කරන්න එපා...!!! " කියලා. ඊට පස්සේ හොරා සිය හිතමිතුරු ලපයි සිපයි සමග සතුටින් උසාවියෙන් පිටවී නාලිකාවලට තමන්ට මේ නඩුව නිසා සිදුවූ සියලුම අපහසුතාවන් කියයි. නමුත් , තාජුදින්ටත් කරුණාව දක්වපු තමන් තමන්ට චෝදනාකල සියලු දෙනාටම මෛත්‍රී කරන බවත් අනිවාර්යයෙන්ම කියයි.

:       2       33

fairoos Tuesday, 26 January 2021 11:01 AM

ඇයි කල් දාලා රජය සල්ලි වියදම් කරන්නේ..?

:       2       20

sunil Tuesday, 26 January 2021 11:17 AM

අනාගත ජනපති සිහින දකින කෙනෙක්ට තමන්ගේ පැටිකිරිය පිරිසිදු කරගන්න අවස්ථාවක් ඇවිල්ලා... පව් රටේ දුප්පත් මිනිස්සු රැයේත්, දවාලෙත් එකම වලේ වැටෙනවා.. දුප්පත් කම සහ නූගත් කම හින්දා...

:       2       17

සෙනවි Tuesday, 26 January 2021 11:23 AM

මේ නඩුවේ අවසාන තීන්දුවේ වචන ටික කවුරුත් දන්නෝය.

:       1       18

NuwanTuesday, 26 January 2021 12:49 PM

නාමල්ගේ ගිණුමට මුදල් දේව බලයකින් ඉහළ ගොස් ඇති නිසා... ඔහු සහ මේ නඩුවට නම් සඳහන් හැමෝම ගෞරවාන්විතව නිදොස් කරන ලදී.

:       2       17

upul Tuesday, 26 January 2021 12:32 PM

බාගෙට කාලා තියෙන ක්‍රිකට්වලට මල්ලිගේ නෝනගේ තාත්තාව දැම්ම එක නම් වැරැදියි. සුදුසුකම් ඉහටත් උඩින් තියෙන මිනිස්සු ඉන්දැද්දී තමුන්ගේ පවුලේ අයවම දානවා.

:       2       18

chandanaTuesday, 26 January 2021 02:24 PM

එහෙම කියන්න එපා.. මේක රට බේරගන්න තියෙන අවසන් අවස්ථාව... ක්‍රිකට් ගහන්නත් රටක් තියෙන්න එපැයි...

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site