IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඩල්ජිත් අලුවිහාරේ නඩුව ඉල්ලා අස්කර ගනී

(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජප)පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 40 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් එම නඩුව නිශ්ප්‍රභා කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (19)  නියෝග කළේය .

නගරාධිපතිවරයාට එරෙහිව වැඩබලන නගරාධිපති සන්දනම්  ප්‍රකාශ්  නාගරික මන්ත්‍රී අමිල නිරෝෂන් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සංශෝධිත මහ නගර සභා ආඥා පනතේ ( 252  අධිකාරිය ) 277(1) වගන්තිය යටතේ පරීක්ෂණයක් පවත්වන ලෙසට පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කිරීමත් සමඟ නගරාධිපති පදවිය තාවකාලිකව අත්හිටුවීම වළක්වන ලෙසට ඉල්ලීමක් කරමින් නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා නඩුව පවරා තිබිණි .

පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් .යු.ගමගේ මහතාගේ නියෝගයත් සමග තවදුරටත් මෙම නඩුවෙන් සහනයක් ලබා ගැනීමට නොහැකි බව හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය .

පළාත් ආණ්ඩුකාර ලලිත් යු.ගමගේ මහතා සහ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින්  වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් මිලින්ද පතිරණ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ඩල්ජිත් අලුවිහාරේ නඩුව ඉල්ලා අස්කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site