IMG-LOGO

යාපන පාසලකදී මන්ත්‍රී ශ්‍රීධරන් වෛරයෙන් කළ කතාව

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුද හමුදාව අද පාසල් ආරක්‍ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඇඟ කිලිපොළා යන තරමේ ප්‍රකාශයකි. එයට හේතු දෙකකි. පළමුවැන්න එම ප්‍රකාශයේ අන්තර්ගතයයි. දෙවැන්න මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන්නේ පාසල් දරුවන්ට වීමය. මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේ කිලිනොච්චිය පුනරීන් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්‍ෂ 84ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

දේශපාලනඥයා යනු ජනතා නියෝජිතයෙකි. එබන්දකුගේ කතාබහ වගකීම් සහගත විය යුතුය. ආදර්ශවත් විය යුතුය. සැබෑවකි. වන්නිය රුධිරයෙන් නෙත බරිත පොළොවකි. ලේ කුහර පෑදුණ පොළොවකි. ඒ භීත යුගය යළි යළිත් වර්තමානයට රැගෙන ආ යුතු නැත. අවශ්‍ය වන්නේ ඒ මිනිසුන්ගේ කඳුළ සිනාවකටත් ඒ මිනිසුන්ගේ වෛරය බලාපොරොත්තුවකටත් පරිවර්තනය කළ හැකි දියුණු වැඩපිළිවෙළකි. සන්සුන් සංහිඳියාවෙන් පිරි ගත් අනාගතයක් සම්බන්ධ සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගත හැකි වන්නේ එමගිනි.

එමතුදු වුව කිලිනොච්චිය, පුනරීන් පිරමන්දනාරු පාසලේ දරුවන් ඉදිරිපිට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

“අද මම පාසලට එනවිට මාර්ගයේ ඉදිරියෙන්ම හිටියේ යුද හමුදාව. මේ වෙනකොට යුදහමුදාව දාලා තියෙන්නේ දකුණේ බෝම්බ පුපුරපු තැන්වලට නොවෙයි. මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලටම යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්‍ෂා කරනවා කියලා හොඳ නම ගන්න තමයි දාල තියෙන්නේ. මේ නිසා මම මේ දරුවන්ට කියනවා ඔයාලා ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ඔයාලගේ තාත්තලා කී දෙනෙක් මැරුවද? සහෝදරයන් කී දෙනෙක් මැරුවද? කියලා. දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගෙ රඟපාමින් ඉන්නවා.”

ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගත හැකි වූයේ මෙබඳු ප්‍රකාශවලින් බවට සැකයක් නැත. සහරාන්ට මරාගෙන මැරෙන අනුගාමිකයන් බිහිකරගත හැකි වූයේ ද මෙබඳු පන්නයේම ප්‍රකාශවලිනි. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට අවශ්‍ය වන්නේත් වර්තමාන පරපුර තුළින් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමටද යන ප්‍රශ්නය මඟහැර යා යුතු නැත.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව උතුරේ පාසල්වල ආරක්‍ෂාවට හමුදාව යෙද වූ විට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඉල්ලා හිටියේ ‘හමුදාව ඉවත් කරන්න එපා’ යනුවෙනි. උතුරෙන් හමුදාව ඉවත් කිරීම පිණිස විවිධාකාරයේ සටන් ක්‍රියාමාර්ග තෝරමින් සිටි දෙමළ ජාතික සන්ධානය එක්වරම සියයට අනූ නවයක්ම කැරකී කියා සිටියේ හමුදාව අවශ්‍ය බවය.

යථාර්ථය එයයි. හමුදාවේ වගකීම මහජනයා ආරක්‍ෂා කිරීමය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටම භීතියෙන් ඇළලී ගියේය. එයට උතුර දකුණ කියා බේදයක් ද නොවීය. දෙවැනි වටයේ ප්‍රහාරයක් පිළිබඳව ද වාර්තා විය. පාසල්වලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ද බුද්ධි අංශ වාර්තා කර තිබිණි. පාසල්වල ආරක්‍ෂාවට හමුදාව යෙදවීමට සිදු වූයේ ඒ අනුවය.

ශ්‍රීධරන්ලා කියන ආකාරයට සිංහල ආණ්ඩුව හෝ සිංහල හමුදාව අවධානය යොමු කළේ සිංහල දරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මේ එකම රටකි. ඒ එකම රටේ සියලු දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රජය පියවර ගත්තේය. හමුදාව එම පියවර ක්‍රියාත්මක කළේය.

ශ්‍රීධරන්ලා ඒ සම්බන්ධයෙන් සතුටු විය යුතුය. නැවත නැවතත් සතුටු විය යුතුය. එහෙත් ඒ වෙනුවට ඔවුන් කරන්නේ ජාතිවාදී සැරව ගෙඩිය පිපිරවීමය. රුධිර ගංගා මතින් පීනා යමින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සහ දරන අයකු හැරුණු විට මෙවන් ප්‍රකාශ නොකරනු ඇත. මේ නිර්ලජ්ජිත මෙන්ම නින්දනීය උත්සාහය ලත් තැනම ලොප් කළ යුතුය.

ඉකුත් වසරේ දී යාපනයේ ගම්බිම් යටකළ මහා ගංවතුරේදී ඒ ජනයාගේ පිහිටට ආවේ ආරක්‍ෂක අංශය. ඒ ලකුණුදා ගැනීමට නොවේ. හොඳ නම ගන්න නොවේ. එය ආරක්‍ෂක හමුදාවල පරම වගකීම වන හෙයිනි. පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ද රටේ ආරක්‍ෂාව ආරක්‍ෂක අංශ බාර ගත්හ. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඒකාන්ත විශ්වාසය රැගෙන එන්නේ ඔවුන්ය. එයට සිංහල, දෙමළ, මුස්ලිම් කියා බේදයක් නැත. එය වගකීමය. යුතුකමය. එය නිසරු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකුට අයිතියක් නැත. මන්දයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට ශපථ කර ඇති හෙයිනි.



අදහස් (5)

යාපන පාසලකදී මන්ත්‍රී ශ්‍රීධරන් වෛරයෙන් කළ කතාව

Cisco Thursday, 11 July 2019 09:38 AM

කෝ අර වෛරී ප්‍රකාශන ගැන කතා කරන එන්ජීඕ නිහඬ ඇයි. සංහිඳියා කොමිසම!!!!!!

:       0       221

namal Thursday, 11 July 2019 03:26 PM

රනිල්ගේ එන්.ජී.ඕ. කාරයින්ගේ පශ්චාත් භාගය වැසිකිළි යාමෙන් පසු පිරිසිදු කරන්නේ ශ්‍රී ධරන් වැනි ජාතිවාදීන්ය.

:       0       259

amila peiris Friday, 12 July 2019 11:05 AM

වග කිවයුතු එඩිතර නායකයෙක් රටට නොමැතිකමේ විපාක තමයි. පුරා විද්‍යාත්මක තැන්වල ලිප් බැඳ අභියෝග කරා, මිය ගිය කොටි සැමරුම් වක්‍ර විදියට සැමරුවා, මාර්ග වල තියන සිංහල නාමපුවරු ඉවත් කරා, සිංහල අයට උතුරේ ඉඩම් මිලදී ගන්න බැරි කරා, නිවටයෝ මුල් පුටුවලට පත් කරගෙන දකුණේ අපි ලබාගත්ත සහජීවනයේ ප්‍රතිලාභ දෝරෙ ගලනවා..!

:       1       300

සෙනෙවිරත්න Saturday, 13 July 2019 02:25 AM

මේ සියල්ලට මුල යුද්ධය නිමවූ වහාම කළයුතු දේශපාලන ප්‍රතිසංස්කරණ නොකර පවුලේ යහපතත් තම ගෝත්‍රයේ සුඛවිහරණය සහ ඉදිරි බලය රැකගැනීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ බලයට කෑදරකමයි..

:       1123       612

CiscoMonday, 15 July 2019 10:50 AM

සෙනෙවිරත්න මහතා, ඔබත් හරියට ආණ්ඩුව වගේ. හැම දේටම රාජපක්ෂ. විකල්ප ඇත්තෙම නැත.

:       0       96

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1912 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 606 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 693 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site