IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කොළඹ හතට මෙහෙම නම් ගමේ තත්ත්වය කෙසේවේ ද

කොළඹ - 7 හෝර්ටන් පෙදෙසේ නිවාස තුනකට වසරකුත් මාස පහක කාලයක් තිස්සේ විදුලිය බල මණඩලයෙන් විදුලිය ලබා දෙන්නේ තාවකාලික සබඳතාවකින් බව එම නිවාස හිමිකරුවන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 

එම නිවාස තුනෙහි විදුලිය විසන්ධිවී තිබෙන්නේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදීය. ඒබව නිවෙස් හිමිකරුවන් විදුලි බල මණ්ඩලයට දැනුම් දීමෙන් පසුව නිවාස හිමි මාර්ගයේ ඇති සම්ප්‍රේක්ෂණ කුටියකින් තාවකාලිකව එම නිවාස තුනට සම්බන්ධතාව ලබාදී ඉතා ඉක්මනින් විදුලිය සැපයීම යථාවත් කරන බව විදුලි බල මණඩලය දැනුම් දී තිබේ. එම දැනුම් දීමට වසරකුත් මාස පහක් ගතවී තිබේ. එහෙත් එම නිවාසවලට තවමත් විදුලිය සැපයෙන්නේ තාවකාලික සබඳතාවකිනි. 
මේ සටහන තබන විට ද තත්ත්වය එසේම පවතී. 

විදුලිය තාවකාලික සබඳතාවකින් ලබාදීම ගමේ භාෂාවෙන් කියැවෙන්නේ විදුලිය ඇටවීමක් ලෙසය. පහසුකම් අඩු ගමේ එසේ විදුලිය අටවා දුන්නද කොළඹ හතේ එසේ සිදුවිය හැකිද? කොළඹ  7 හෝර්ටන් පෙදෙසේ මෙම අලකලංචියට මුහුණ දී සිටින එක් නිවාස හිමිකරුවකුවන හිටපු ජනාධිපති උපදේශකයකුවන සුනිමල් ප්‍රනාන්දු මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වසරක් හා මාස පහක කාලය මුළුල්ලේ තම නිවෙසට විදුලිය සැපයෙන්නේ තාවකාලික සම්බන්ධතාවකින් බවය. සෙසු නිවාස දෙකෙහි හිමිකරුවන් වන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නාලක තල්වත්ත හා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරුන්ය. 

අප ප්‍රවෘත්තියේ සඳහන්වන්නේ තම නිවාසවලට ස්ථිර විදුලිය සම්බන්ධතාව ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලයට එම නිවෙස් හිමියන් බොහෝ අවස්ථාවල දැනුම් දුන්නද එය තවමත් සිදුවී නැති බවය. නගර සභාවෙන් හා තවත් ආයතන කිහිපයකින් ඒ සඳහා අවසර ගත යුතු බවත් ඒ සඳහා කල්යන බවත් විදුලි බල මණඩලය පිළිතුරු සපයා තිබේ. 

අවසානයේදී එම නිවෙස් හිමියන් එකී ආයතනවලින් අවශ්‍ය අවසර ලබා ගැනීමට මැදිහත් වුව ද තවම වරද නිවැරැදි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර නැති බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 

අප පුවත්පත ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් මේ සම්බන්ධයෙන් විමසූවිට ඔහු කියා තිබෙන්නේ වසරකට වැඩි කාලයක් පුරා තාවකාලිකව නිවෙසකට විදුලිය සබඳතා ලබාදීම ඉතා භායානක බවය. එමෙන්ම එය බෙහෙවින් අනතුරුදායක බවය. 

කරුණු කාරණා එපරිදිනම් වසරකුත් මාස පහක් තිස්සේ මෙම වැරැද්ද නිවැරදි කිරීමට විදුලි බල මණ්ඩලය ක්‍රියා නොකරන්නේ ඇයි? අප මෙම ප්‍රශ්නය මතු කරන්නේ කොළඹට කිරි අපට කැකිරි යනුවෙන් සටන් පාඨයක් තිබෙන හෙයිනි. එහෙත් මෙම ප්‍රවෘත්තියෙන් එම තත්ත්වය වෙනස්වී තිබේ. කොළඹට කිරි නොව කොළඹ හතටත් කැකිරි යනුවෙන් සංශෝධනය විය යුතුය. මන්දයත් කොළඹ - 7 තත්ත්වයත් මෙසේ නම් ගමේ තත්ත්වය කෙබඳුදැයි හඳුනා ගැනීමට අසීරු නොවන හෙයිනි. 

මෙම සිදුවීම හරහා ප්‍රශ්න කෙරෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂමතාව වේ.  ලංකා විදුලි බල මණ්ඩලය ඉතා කාර්යක්ෂම මෙන්ම විධිමත් හා වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක විය යුතුය. විදුලිය බලය යනු තවදුරටත් එක්තරා පන්තියකට අයත් දෙයක් නොවේ. රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තෘප්තියට පත්වීමට මනාලෙස විදුලිබල සපයන සාධකයක් ලෙස වර්තමානය වනවිට විදුලිය බල අවශ්‍යතාවෙන් සියයට 90 කට වඩා සම්පූර්ණ කර තිබේ. ඒ අනුව විදුලිය බලය යනු ජන ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව තිබේ. හිටිහැටියේ විදුලිය බලය විසන්ධිවීම කොතරම් දුර්විපාක  ගෙන දෙන්නේදැයි අත්දැකීම් නොලද පුරවැසියකු නොසිටිය හැකි තරම්ය. 

කාර්යක්ෂම බව අතින් ඉතා ඉහළ තත්ත්වයක තිබිය යුතු වුවද කොළඹ 7 නිවෙස් තුනකට විදුලිය බලය ස්ථීරවම සැපයීමට වසරක හා මාස හයක කාලයක් දැනට ගතවී තිබේ. තව කොතෙක් කලක් බලා සිටීමට සිදුවේදැයි කිව නොහැකිය. 

ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂමතාවට අදාළ තවත් ප්‍රවෘත්තියක් නොබෝදා අප පුවත්පත වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ හැටන් නගරය ආශ්‍රිත ප්‍රදේශ තුළ මේ දිනවල සිදුවන විදුලිය ඇණහිටීම හේතුවෙන් විදුලි පරිභෝගිකයන් බලවත් දුෂ්කරතාවලට මුහුණපා සිටි බවය. විශේෂයෙන්ම වරින්වර විදුලිය ඇණහිටීම හේතුවෙන් ආපනශාලා මෙන්ම වෙළඳ ස්ථාන පවත්වාගෙන යාම ඉතා දුෂ්කර බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. ශීතකරණ හා අධිශීතකරණවල තබා ඇති ආහාර ද්‍රව්‍ය මේ නිසා විනාශ වන බව වෙළඳ ව්‍යාපාරිකයන් පවසන බවද එහි සඳහන්ය. එසේ වීමෙන් එම ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට සිදුවේ. නැතහොත් ඒවා පරිභෝජනයට ගතහොත් මිනිසා රෝගී වේ. 

ඒ අනුව බලනවිට නිමක් නැති ප්‍රශ්න මාලාවක් ඒ අනුව ජනිත වේ.

විදුලිය ඇණහිටීම් ස්වාභාවිකය. ඒවා බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් විදුලි බල මණ්ඩලයට තිබිය යුතුය. මන්දයත් එය ජන ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බැවිනි. එමෙන්ම ජනයා විදුලිය පරිහරණය කරන්නේ අධික මුදලක් ගෙවමින් වන හෙයිනි. එහෙත් කොළඹ - 7 තත්ත්වයත් එයාකාරනම් රටේ සෙසු පළාත්වල තත්ත්වය කෙබඳු දැයි වටහා ගැනීමට අසීරු නැත. 

 



අදහස් (8)

කොළඹ හතට මෙහෙම නම් ගමේ තත්ත්වය කෙසේවේ ද

lalithm Thursday, 01 August 2019 02:55 AM

මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරාවි. ගමේ කෙනෙක්ගේ නම් දීපු තාවකාලික සම්බන්ධතාවත් කපලා දමාවි. මේ පාරිභෝගිකයන් බලවත් නිසා වැඩිම උනොත් සමාව ඉල්ලාවී. වෙන මොකුත් වෙන්නේ නැහැ. බලමු හොඳේ. විදුලි බල මණ්ඩලේ අයට ඕනේ පඩි වැඩි කරගන්න එක විතර බව දන්නේ නැතිද? ප්‍රමිතිය කියල දෙයක් ඔවුන් දන්නෙවත් නැහැ.

:       2       78

Bishan Sunday, 04 August 2019 01:03 PM

කොළඹ 07... මහත්තුරුන්ගේ දුක්ගැනිවිලි ලියන්න මේ තීරුව වෙන් කළාට ස්තුතියි. අපිට අඩුවට තිබ්බේ එච්චරයි...

:       54       123

Nandalal DE SILVA - France Sunday, 04 August 2019 03:53 PM

මෙම විදුලි අලකලංචියට හසුවී තිබෙන්නේ කොළඹ හතේ ලොකු පුටුවල වැජඹෙන ලොක්කන් නිසා මේ පුවතට අඟල් 15ක් පමණ දිගට මේ වාර්තාව පලවී තිබුණත් රටේ වෙනත් ප්‍රධාන නගරවලත් මෙවැනි හුටපටවලට මුහුණ දෙන රටවැසියන්ට නම් අබ සරණයි !!!

:       9       80

Nethula Edirimanne Sunday, 04 August 2019 05:41 PM

ඉතා ඛේදනීය කරුණක්. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඉතා ඉක්මණින් විසඳීමක් දෙන්න. හෙට දවසේ අසල්වැසි අපටද මෙය සිදුවිය හැකියි.

:       156       29

dilal Monday, 05 August 2019 10:43 AM

මා වසර 5ක් ඕස්ට්‍රේලියාවේ සිටියා. ඒ වසර 5 තුළ කවදාවත් විදුලියවත්, ජලයවත් ඇණහිටියේ නැහැ. සුද්දෝ එකම කාලයේ තමයි ලංකාවට ආවෙත්... ඒ රටට ගියෙත්... වෙනසකට තියෙන්නේ අපි ජනරජයක් වුණා...

:       3       15

rasikaTuesday, 06 August 2019 09:04 PM

වෙනස තියෙන්නේ අපි ජනරජයක් වුන එක නෙමෙයි, වෙනස තියෙන්නේ ලංකාවේ ඡන්ද දායකයන්ගේ නූගත්කම. ඔවුන් පත්කරලා යවන නුසුදුසු පුද්ගලයන් ගැන. සිංගප්පූරුව බ්‍රිතාන්‍යයේන් නිදහස ලැබුණා ඒවගේම ඔවුන් සුදුසු පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට තෝරලා යැව්වා. ඔවුන් දියුණු වුණා. එහෙම නැතුව සුද්දෝ නැතිව රට දියුණු කරන්න බැහැ කියල එකක් නැහැ. ඔස්ට්‍රේලියාවේ උනත් බොහොමයක් තාක්ෂණික අතින් සංකීර්ණ අමාරු රැකියා කරන්නේ ආසියාතිකයන්. නමුත් ඔවුන්ගේ මාධ්‍ය මෙන්ම ඡන්ද දායකයන් ඉතාම වගකීමකින් රට වෙනුවෙන් ඡන්දය දෙනවා. ඒ වගේම නීතිය , සහ රට ගෙනයන ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට ප්‍රශ්න නැතිව නෙමේ, ඔස්ට්‍රේලියාවට අපිට වඩා ප්‍රශ්න තියෙනවා නමුත් ඒවා විසදන්න සුදුසු පුද්ගලයන් පත් කරලා තියෙනවා. ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් අයට කියනවා සංකීර්ණ විසදුම් හොයන්න.

:       0       155

chandana Bandara Saturday, 10 August 2019 03:04 PM

මේවා ප්‍රශ්නද? කොච්චර නම් ප්‍රශ්න මිනිසුන්ට තියෙනවද? කාටවත් කියන්න බැරි...

:       0       55

ධම්ම Sunday, 18 August 2019 03:30 AM

විදුලිබල මණ්ඩලයේ පියුම් මහත්තයෙකුට නියමිත ක්‍රමවේදයට අනුකූලව කිව්වා නම් මේ පමාව සිදුවෙන්නේ නැහැ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 238 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site