ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන්දය භාවිත කිරීමේ සුදුසුකම් ලබා සිටිති. ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 800ක් පමණ වනු ඇතැයි ප්‍රකාශයට පත්ව තිබේ. මෙම වියදම එළැඹගත් සිහියෙන් යුතුව හොඳින් මතක තබාගත යුතුය. 07 August 2024
ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබේ. එහෙත් හය හතර නොදන්නා දරුවාට එබඳු හැකියාවක් නැත. වැඩිහිටියා දරුවා සම්බන්ධ අත් නොහළ විමසිල්ලෙන් සැලකිල්ලෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි. ඒ ඇයිද යන්න ඉතා පහසුවෙන් වටහා ගත හැකි පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 06 August 2024
ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ හමාරය. 05 August 2024
දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. කල්ප කාලාන්තරයක් නොමියෙන නොමැකෙන අමිල මෙහෙවරක්, රට දැය සසුන වෙනුවෙන් ඉටු කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වූ උන්වහන්සේට ‘‘අජරාමර නිවන් සුවය ලැබේවා’’යි ලංකාදීපයේ අපි ප්‍රාර්ථනා කරමු. 05 August 2024
දේශපාලක නම කෙලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියැවෙන පුද්ගලයකු සහ එම රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතියකු බව කියන පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් අත්අඅඩංගුවට ගනු ලැබී යැයි කියැවෙන පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. 03 August 2024
ජනමත වාසියේ ඉසව්ව 2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමෙනි. ඇත්තම ඒ අභියෝගකාරී වන්නේ ඔහු තනි මන්ත්‍රීවරයකු වූ නිසා පමණක් නොවේ. තවත් හේතු කීපයක් නිසාය. අංක එක වන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන පසමිතුරා වූයේ රනිල් ය. 02 August 2024
ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්කිකව ගොඩනැගුණු ප්රශ්නයකි. ඒ බව පසක් කරවන පුවත් දෙකක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 02 August 2024
මොනරාගල රෝහල් සිද්ධිය අවදානමක් නොදැන සිටියේද? ඉතා අනුවේදනීය මෙන්ම භයංකාර පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එම පුවතෙන් කියැවුණේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් ඉකුත් 30 වැනිදා උදේ පුපුරා යාමෙන් උද්ගත වූ සිද්ධියකි. 01 August 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය ලාංකික ජාතියේ ජයග්‍රහණයක් රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණයේ රොද බැඳගත් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ප්‍රේමීන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පිනවමින් ඔවුන් අමන්දානන්දයට ලක් කරමින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බලගතු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලජ්ජා සහගත පරාජයකට ලක් කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි - 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. 31 July 2024
කලට වේලාවට පාස්පෝට් නිකුත් කිරීමට පියවර ගනිමු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලය, එහි සේවය ලබා ගැනීමට පැමිණ සිටි පිරිසක් විසින් පසුගිය දා ආක්‍රමණය කරනු ලැබීමේ සිද්ධියක් මාධ්‍ය මගින් හෙළි කර තිබිණි. මෙතෙක් කාලයක් දිනකට නිකුත් කරමින් තිබූ විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) 1,200ක සංඛ්‍යාව 400ක් දක්වා අඩු කිරීම මේ ආකාරයේ අර්බුදයක් නිර්මාණය වීමට හේතුව වශයෙන් සඳහන් වෙයි. 30 July 2024
ආයෝජකයන් මුහුණදෙන දුෂ්කරතා ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි. 29 July 2024
සිසුන්ගේ හැසිරීම් රටා මවුපිය අවධානයත් ඕනෑ පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් අතර ගැටුම් ඇති වීම් වාර්තාවීමෙන් සමාජයේ ඇති කරන්නේ ප්‍රබල කම්පනයකි. එය පිහි ඇනුම් දක්වා වර්ධනය වීම එකී කම්පනය තවදුරටත් තීව්ර කරයි. එවැනි සිදුවීම් සිසු විනය සම්බන්ධ ප්‍රබල ගැටලුවක් වන්නා සේම සමස්තයක් වශයෙන් රටේම පවතින තත්වයේ පිළිබිඹුවක් වශයෙන්ද නිර්වචනය කළ හැකිය. 29 July 2024
ප්රජාතන්ත්රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු 2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද විමසීමට ද දින නියම කර තිබේ. 27 July 2024
ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද? ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉදිරි දවස් කීපයේදී එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ නෛතික ඉඩ මැතිවරණ කොමිසමට ලැබී ඇත. මෙවර ජනාධිපතිවරණය අන් කවරදාකටත් වැඩියෙන් වැදගත් හා තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ අයගේ අදහසය. 26 July 2024
ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම් දීමකට අනුව නවතා දමා ඇතැයි ලංකාදීපය නොබෝදා හෙළිකර සිටියේය. මේ ව්‍යාපෘතිය භාරව සිටියේ මාර්ග සංවර්ධන අධිකාරිය බවත්, එය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ව්‍යාපෘතියක් බවත් සඳහන් වෙයි. 26 July 2024
කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් සිටීමේ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. 25 July 2024
වන සංරක්ෂණ වනසන දේශපාලකයන් පිටුදකිමු “පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ජාතියට ම මුසු කළ උතුම් දහම් පණිවිඩයකි. එහෙත් වර්තමානය වනවිට එම උතුම් පණිවිඩ අරුත් සුන් බවට පත් කර තිබේ. ඒ දේශපාලකයන් විසින් ම ය. 24 July 2024
බදු ක්‍රමයට සංශෝධන අවශ්‍යද? ප්රතිලාභ ලෙස ලැබිය යුතු දේ වඩා හොඳ හෝ සමාන නම් මිස කිසිවකු තමා සතු දේ බෙදාගැනීමට කැමති නැත. ලැබිය හැකි දේ ස්පර්ශ කළ හැකි දෙයක් හෝ ස්පර්ශ කළ නොහැකි දෙයක් විය හැකිය. මෙම සම්මතයට විකල්පයක් නොමැත. රජයට බදු ගෙවීම ද මෙම සම්මතයට පිටතින් යන්නක් නොවේ. ශ්‍රී ලංකාව ඇසුරින් සලකා බැලූ විට බදු ගෙවන්නා (ඇය හෝ ඔහු) ප්රතිලාභ ලෙස ලබන්නේ කුමක්ද යන්න පිළිතුරු දීමට අතිශය අසීරු පැනයකි. 22 July 2024
වෘත්තීය කෙලෙසන ගුරුවරයා සමාජයට පිළිලයක් නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්‍යන්තයෙන්ම දැනුමෙන් සන්නද්ධ විය යුතුය. ආදර්ශයෙන් පරිපූර්ණ විය යුතු ය. දරුවා ගුරුවරයා ඉදිරිපිට අඩදැණිව නමස්කාර කරන්නේ එහෙයිනි. 22 July 2024
බදු දැලෙන් රිංගන්නන්ට දැඩි දඬුවම් ඕනෑ රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීමක් පැහැරහැරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට එරෙහිව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නඩු පවරා ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වශයෙන් 2018 දෙසැම්බර් 14 වැනිදා වනවිට රජයට ගෙවිය යුතු වූ අදාළ මුදල නොගෙවීම නිසා මෙසේ නඩු පවරනු ලැබ තිබුණේ කොළඹ හතරේ එක්තරා සමාගමකට එරෙහිව බවද සඳහන් වෙයි. 20 July 2024
ජාතිකත්වය හිස ඔසවන ලෝකය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීම මේ වන විට එරට රහස් සේවයේ පූර්ණ අසමත්කම මත වූවක් බව තහවුරු වී තිබේ. ඒ අනුව රහස් සේවයේ ප්‍රධානී කිම්බලර් ශියැට්ල් වෙත ධුරයෙන් ඉවත්වන ලෙස හැම අතින්ම පීඩනය එල්ල වී ඇත. කෙසේ වෙතත්, තම අපේක්ෂකත්වය පවා දැඩි අභියෝගයට ලක්ව ඇති ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ තමාට ඇය පිළිබඳ පූර්ණ විස්වාසය තිබෙන බවයි. 19 July 2024
සාරධර්ම නායයාමෙන් සමස්ත සමාජය බේරගනිමු රටක සාරධර්ම නාය යෑම යනු එම රටේ ජනයාගේ සාමූහික දිවි පෙවතට අදාළ අධ්‍යාත්මයේ වැහැරීම වේ. ආධ්‍යාත්මය වැහැරී ගිය පසු රැකගැනීමට කිසිවක් ඉතිරි නොවන බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වූ සත්‍යයකි. රට ගමන් කරමින් තිබෙන්නේ එතැනටද යන්න බැහැර නොකළ යුතු ගැඹුරින් සංවාදයට බඳුන් කළ යුතු ප්රශ්නයකි. 19 July 2024
වරෙන්තු පිට සිටින මන්ත්‍රීට රටේ නීතිය අදාළ නැද්ද? මේ රට ‘සෑම විකෘතියකම ආකෘතියක්’ බව මෙම තීරුවේ කිහිප වරක්ම සඳහන් කර ඇත්තෙමු. අවාසනාවකට මෙන් මෙවරද මෙම තීරුව වෙන් කිරීමට සිදුව තිබෙන්නේ එබඳු විකෘති වෙනුවෙනි. 18 July 2024
විපක්ෂයේ ආණ්ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැකගත හැකි විය. එය මන්ත්‍රීවරුන්ගේ සුබසාධන කටයුත්තක් උදෙසා එළැඹුණු එකඟත්වයක් නොව, රටේ යහපත සඳහා සිදු කෙරුණු එකඟත්වයක් වීම විශේෂත්වයයි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක අත්තේ වසන කුරුල්ලන් බවට පත්වන්නේ තමන්ගේ වරප්‍රසාද වඩාත් වැඩි කරගන්නා අවස්ථාවක දී පමණක් වීම ඊට හේතුවයි. 17 July 2024
තිරසර ණය යට කුමන්ත්‍රණ මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශයට පත් කෙරුණි. එහෙත්, එම ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි මොනවා දැයි මේ රටේ ජනතාවට කියා නැත. 15 July 2024
පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරන බව අපගේ ලංකාදීපය පසුගිය දා හෙළි කර තිබිණි. මේ නිසා එම වෙල්යාය යළි අස්වැද්දීමට තමන් තුළ තිබූ බලාපොරොත්තු මිරිඟුවක් බවට පත්ව ඇතැයි එම ගොවීන් චෝදනා කරන බව ද එහි සඳහන්ය. 15 July 2024
පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා රටට ලබාදුන් අගනා වටිනා ආදර්ශය උත්කර්ෂයට නැංවිය යුතුමය. 13 July 2024
ජනපති අපේක්ෂක අභියෝග මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17 වැනි දිනෙන් පසු කාලයේ මැතිවරණ කොමිසමට නීත්‍යනුකූලව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ අවකාශය ලැබී ඇත. 12 July 2024
දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති. එකී සංගමයට සහාය දක්වමින් දුම්රිය පාලකවරුන්ගේ සහ උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම් ද වර්ජනයට එක්වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තවදුරටත් අඩාලවීම නිසා දුම්රිය මගීන්ගේ පීඩනය දෙගුණ තෙගුණ වී තිබේ. 12 July 2024
රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ සංවර්ධනය යනු ඉවක් බවක් නොමැතිව නිසි සැලැස්මකින් තොරව ඉදිකරන ගොඩනැගිලි වලට නොවේ. ඒ බව අවබෝධ කර ගැනීමට බොහොමයක් දේශපාලනඥයෝ සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අසමත්ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එම ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකින් තොරව කැලෑවට යටවී විනාශවී යාම පමණි. එය මහජන මුදල් අපතේ යැවීමකි. 11 July 2024
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026