කතාවේ භාවිතාවේ පරතරය ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද එකක් වීමය. එක් අතකින් ආණ්ඩුවට සහල් ප්රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ. 13 December 2024
සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයක් කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිදුවිය. රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පහත වැටිණ. 09 December 2024
කතාව දෝලාවෙන් ගමන ...? මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේය. මේ පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවය. 06 December 2024
උතුරේ ජනවරම කුමක්ද? ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓතිහාසික ජයග්‍රහණ යේ. ඊට පාර කැපුවේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දී 2019 නොවැම්බරයේදී ජනාධිපති ලෙස තෝරා පත් කළ, ගෝඨාභය රාජපක්ෂය. 02 December 2024
දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය. ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි. ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය. 29 November 2024
මාලිමාවේ ජයෙන් ඔබ්බට මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්තිමත්ව පිළිගෙන ඇත. මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මෙම නව දේශපාලන බල ව්‍යාපෘතියේ ස්වභාවය සහ ගමන් මග පිළිබඳවය. 22 November 2024
එදා - මෙදා දේශපාලක අමුතු කතා මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබුණේම නැත. සියලු අතින් ඈලි මෑලි ගතියක් මුළු ලංකාව පුරා පැවතුණි. 15 November 2024
සහල් මිල ප්‍රශ්නයට විසඳුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු විෂයත් අගමැති හරිනි අමරසූරියගේ අධීක්ෂණය යටතේ පවතී. එම නිසා කෘෂිකර්මය සම්බන්ධ දේ නිපදවීම හා බෙදාහැරීම මත පහසු මිල ගණන්වලට ආහාර මිලදී ගැනීමේ හැකියාව පමණක් නොව ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව හා මන්දපෝෂණය පිටු දැකීමේ හැකියාවද රදා පවතී. 11 November 2024
අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු ඇත. දශක හතක ඉතිහාසය තුළ පැවැති ප්‍රධාන ධාරාව ප්‍රතික්ෂේප කළ ජනතාව මාක්ස්වාදී නැඹුරුවක් සහිත පක්ෂයක් තෝරා ගෙන තිබේ. 08 November 2024
යුගයට ගැළපෙන දේශපාලනය තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද්ධිය දක්වා පරාසයක තොරතුරු විකාශය විචාරයකට ලක් කරන ප්‍රකට ලේඛක යූආල් හරාරි ගේ ‘නෙක්සස්’ මෙම අදහස පෙන්වා දෙයි. 04 November 2024
මැතිවරණ පොරොන්දු සීමා නීතියක් අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එසේ කරගත නොහැකි වී ඇති බවයි. එම අවශ්‍යතාව තම ආරක්ෂාව බාර නිලධාරීන්ට කී විට ඔවුන් පෙරළා කියා තිබූ බව ඇය සඳහන් කළේ “මැඩම් මේ ස්විට්සර්ලන්තය නෙමෙයි” යන්නයි. 01 November 2024
දේශපාලන ආර්ථික අභියෝග ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජනාධිපතිතුමා සමග අන්තර්වාර පාලනයක් එම පක්ෂය ආරම්භ කර තිබේ. 25 October 2024
දූෂණය විකුණා ගසාකෑම නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැනි නොවන්නේ ද? ඒ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කිව හැක්කේ කුමක් ද? 21 October 2024
ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීමද? මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බාර දී ඇතත් බාර ගත හැකි අයුරු සියල්ල නිවැරදිව සම්පූර්ණ කර සහ නිවැරැදිව බාර කෙරුණු නාමයෝජනා පත්‍ර තිබී ඇත්තේ 690 කි. මෙවරත් ස්වාධීන කණ්ඩායම් තොග පිටින් මැතිවරණ පොර පිටියට බැස ඇත. ඒවගේම අහුමුළුවල බිහි වූ ඇමීබලා වැනි දේශපාලන පක්ෂද හැම දිස්ත්‍රික්කයකටම වාගේ නාම යෝජනා පත්‍ර බාර දී ඇත. 14 October 2024
රටට ඔබින පිරිසක් මැතිසබේට මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන්තුවක් හැදීම’’ තර්කය පිළිබඳවය. 11 October 2024
බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි? අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම්හු කියති. “ශක්තිමත්” යැයි අදහස් දෙකකි. එක් අදහසක් වන්නේ, යන්තම් බහුතර බලයක් නොව, කිසිදු හේතුවක් මත නොවැටෙන තරමේ බහුතරයක් ඇති ආණ්ඩුවකි. 07 October 2024
සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ වාහන නාට්‍ය මීට හොඳම උදාහරණය වේ. 2015 දී ද මෙය මෙලෙසම සිදු කළ අතර, තවදුරටත් එය විකිණිය නොහැකි බව දැනගෙන තිරය වසා දමා අදාළ වාහන ඒවාහි හිමිකරුවන්ට නැවත ලබා දීමට කටයුතු කෙරුණි. 04 October 2024
අලුත් දැක්මක නව යුගයක ආරම්භය නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත් සැප්තැම්බර් විසි එක් වැනි දා පැවැති නව වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම සමග ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය. මුල් වකවානුවේ වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් කඳවුරු දෙකක් අතර ආණ්ඩුකරණය සඳහා තරගයක් තිබිණ. 30 September 2024
මීළඟ පොරය කොයිබටද? මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඉදිරි පාලනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූවා යැයි සිතිය හැකිය. ඒ පාලනයේ ස්වභාවය පිළිබඳව විවේචනයක් කිරීමට තවම කල් වැඩිය. 27 September 2024
දැක්මක ගමනක ජයග්‍රහණ හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැමිය නොහැකි උසකින් තැබූ නිසා ය. ඔහුගේ පාලන සමයේ ඔහුට එරෙහිව බටහිර රටවල් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ විසින් වංචාව, දූෂණය වැනි චෝදනා අතොරක් නැතිව එල්ල කළෝය. එහෙත් ජනතාව නොවේ ඒවා පයිසයකට ගණනකට ගත්තේ. 13 September 2024
විකල්ප තේරීම් ඕනෑද? නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහෙත්, අවසන් සතිය වන විට රටේ ජනතාව ප්‍රධාන කඳවුරු දෙකකට බෙදෙනු ඇත. කඩා වැටී තිබූ රට ගොඩ ගෙන රටේ අනාගතය වෙනුවෙන් දැනට අනුගමනය කරන ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යා යුතු යැයි කල්පනා කරන ජන කොටස ඉන් එක් කඳවුරකි. ආර්ථිකය කඩා වැටීමෙන් පසු රටට, ජනතාවට හුස්ම ගැනීමට අවකාශය සැලසුවේ කවරෙක් දැයි අමුතුවෙන් කිව යුතු නැ 09 September 2024
ජනපතිවරණ සාකච්ඡා තේමාව ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කළ දිනයේ සිට ලැබී තිබූ කාලය වෙනදා තරම් දීර්ඝ එකක් නොවන බව පැහැදිලිය. ඒ නිසාම රට තුළ මතුවිය යුතු වැදගත් සාකච්ඡා ගණනක්ම නොකෙරී යමින් තිබෙන බව ද පෙනෙන්නට තිබෙන කරුණකි. 06 September 2024
බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට පෙර කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ අභියාචනාධිකරණ (CA) අදියරේදී එය අවසන් කිරීම සඳහා වැය වන අනවශ්‍ය අතිකාල අඩු කිරීමයි. 02 September 2024
ඡන්දයේදී ජනතා අපේක්ෂා ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වීමයි. මෙය සුවිශේෂ තත්වයකි. වෙනදා නම් මේ වන විට දෙපස තුන්පස බෙදී විවිධ මට්ටමේ හැලහැප්පිලි හෝ ගැටුම්කාරි තත්ව පවා නිර්මාණය වී තිබෙනු ඇත. 30 August 2024
ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනයකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇත. පවතින ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා කැමැත්ත නිරන්තරයෙන්ම සොයා බැලීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එය ඉතා වැදගත්ය. මේ කැමැත්ත සොයා බලන්නේ මැතිවරණ හරහාය. 26 August 2024
විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා කරන්නට යන සමහරුන් කියන්නේ 1948 න් පසු සම්පූර්ණ කාලයම රටේ කිසිම දෙයක් සිදුවුණේ නැති බවය. මගේ තේරුම් ගැනීමට අනුව මේ මතය සම්පූර්ණයෙන්ම වැරදිය. 23 August 2024
ප්‍රශ්න විසඳන නායකත්වයක අවශ්‍යතාව සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසු පවත්වන පළමු මැතිවරණය වන නිසාය. රට ඉදිරියට ගමන් කරන දිශානතියේ ස්වභාවය මෙම මැතිවරණයෙන් තීන්දු වෙනු ඇත. මෙවර ජනාධිපතිවරණය යම් මටටමකට අවුල්සහගත බව මගේ නිරීක්ෂණයයි. 19 August 2024
තෘප්තිමත් සමාජයකට ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනක සිට යථා තත්වයට පත්වෙමින් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බලපැවැත්වෙමින් තිබුණ සංකීර්ණ ගැටලු සහ කොවිඩ් වසංගතය සමග ඇති වූ අර්බුදයේ විපාක අද අප හමුවේ ඇත. ඉදිරියට ගමන් කිරීම සඳහා ආර්ථිකය ප්‍රසාරණය කරන සහ තරගකාරීත්වය ඇතිකරන ප්‍රතිසංස්කරණ ගණනාවක් අවශ්‍යය. ඉතිහාසය දක්වන පරිදි ආර්ථික හා සමාජ උද්දීපනයකට හේතුවන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පැහැර හැර තිබේ. 12 August 2024
ඡන්දයෙන් රට හැරෙන දිසානතිය හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභාවික යුක්ති ධර්මයට එකඟ ය. මුදල කෙතරම් සුළු වුවත් ඒ ගැන සොයා බලා එය ආපසු අයකර ගැනීමට සුදුසු පියවරක් ගැනීමට කිසිවකුත් පැකිලෙන්නේ නැත. 09 August 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පසුගිය දා වාර්තා විය. වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය වරින්වර පහළ දැමීම නිසා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම තීන්දුව මහත් අස්වැසිල්ලක් වනු ඇත. 08 August 2024
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026