IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මෛත්‍රී අවුල් කළ ජාතික ලැයිස්තුව

තිස්සගේ මතක වත-116

 

2015 අගෝස්තු පාර්ලිමේන්තනු මැතිවරණය උණුසුම් අයුරින් තමයි කෙරීගෙන ගියේ. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තමයි සන්ධානය මැතිවරණ ව්‍යාපාරය කෙරුවේ. කරට කර සටහනක් තමයි තිබුණේ. මේ මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දේශපාලන වේදිකාවල ආවේ නෑ. ඒත් ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක් කළා. මහින්ද රාජපක්ෂට අවාසි වෙන විදියට. 


මහින්දගේ නායකත්වයෙන් සන්ධානය දිනුවත් ඔහුට අගමැතිකම දෙන්නේ නෑ කියලා මෛත්‍රී කිව්වා. ඒක යු.එන්.පී. එකට වාසි සහගත ප්‍රකාශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවෙලා ඉන්න ගමන් තමයි ඔහු මේ කතාව කිව්වේ. 


තමන්ගෙම පක්ෂයට ඔහු මේ හරහා දෝහි වුණා. මේ මැතිවරණයේදී සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කරන්න මහින්ද රාජපක්ෂ සමත් වුණා. මෛත්‍රී මොන කතා කිව්වත් ආණ්ඩුවක් පිහිටුවලා මාස ගණනකින් වුණත් යු.ඒන්.පී.ට. සහ බැංකු බැඳුම්කර සිදුවීම වගේ දේවල් හරහා ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් තිබුණා. මැතිවරණ ප්‍රතිඵලය ළඟ ළඟ තමයි ගියේ. 


මැතිවරණයෙන් පස්සේ ලොකුම අර්බුදය මතු වූයේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්න යද්දි. මෛත්‍රී දැන ගත්තා. ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ලැයිස්සතුවට මන්ත්‍රීවරු පත් කිරීම මහින්ද රාජපක්ෂගේ ඕනෑකම උඩ සිද්ධවේවි කියලා ඒ වෙද්දි සංවිධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, සුසිල් මහින්දට සමීපව වැඩ කළේ. ඒ නිසා ජාතික ලැයිස්තුව මෛත්‍රීට ඕනෑ හැටියට කර ගන්න වෙන්නේ නෑ කියලා මෛත්‍රීට තේරුම් ගියා. මේ නිසාම මෛත්‍රී කළේ සුසිල් ප්‍රේමජයන්ත සන්ධාන මහ ලේකම් කමින් අයින් කරන්න ක්‍රියා කරපු එක. මේක බොහෝ දෙනෙකුගෙ පුදුමයට හේතු වුණු තීරණයක්. උසාවි නියෝජයක් අරගෙන මෛත්‍රී සුසිල්ගේ මහ ලේකම් කම අතිහිටුවන්න ක්‍රියා කළා. අධිකරණ නියෝගයක් ගෙනල්ලා තමයි නව මහ ලේකම් විදියට මහාචාර්ය විශ්ව වර්ණපාලව පත් කළේ. මේක සූත්තර සහගත තීන්දුවක් නොවෙයි කියලා පක්ෂය ඇතුළෙම මෛත්‍රීට ලොකු අප්‍රසාදයක් ගොඩ නැගුණා. මුලින්ම උසාවි නියෝගයක් බාර නොගෙන මඟ අරිමින් ඉඳලා තමයි අන්තිමට සුසිල් ප්‍රේමජයන්තට මහ ලේකම් දුරයෙන් අයින් වෙන්න වුණේ. 


මේ තීන්දුවත් එක්ක මෛත්‍රී කළේ ජාතික ලැයිස්තුවේ ඉඳපු අය වෙනුවට ඡන්දෙ ඉල්ලලා පරාජය ලබපු මන්ත්‍රීවරුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දීලා තමන්ගේ පැත්තට අර ගැනීම. ඒක එක පැත්තකින් මහජන මතයට පිටු පෑමක්. ජනතාව ඡන්දයකින් ප්‍රතික්ෂේප කරපු අය තමයි මෛත්‍රී ජාතික ලැයිස්තුවට හරහා අර ගත්තේ. අපේ දේශපාලන ඉතිහාසයේ ජාතික ලැයිස්තුවෙ ගෞරවයට විශාල වශයෙන් හානි කරපු අස්ථාවක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. ජාතික ලැයිස්තුවෙන් පත් වෙන්න අත්‍යවශ්‍යම අය වෙනුවට පැරදිච්චි පිරිසක් ගෙනාවා. 


මේ අනුව ජය ඡන්දෙත් පැරදුණු එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, විජිත මුණී සොයිසා, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල මේක මහජන මතයට පයින් ගැසීමක්. ඒ ලැයිස්තුවෙ මගේ නමත් තිබුණා. මටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දිය යුතුව තිබුණා. මේ පත් කිරීමේ බලය මෛත්‍රී අතට ගන්න නිසා මගේ නම විසි කරා. මොකද මම ජනාධිපතිවරණයේ දී ඔහුට විරුද්ධ වුණානේ. මට පහර දෙන්න හොඳ අවස්ථාවක් ජාතික ලැයිස්තුව හරහා මෛත්‍රීට හම්බ වුණා. 


මේ ජාතික ලැයිස්තු පත් කිරීමේ ගැන විශාල ජනතා විරෝධයක් සමාජය තුළ මතු වුණා. ජනතා මතයට පයින් ගැසීමක් වගේ වැඩක්නේ මෛත්‍රී  මෙතෙන් දී කෙරුවේ. 

 


තව කොටසක් ලබ සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

මෛත්‍රී අවුල් කළ ජාතික ලැයිස්තුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 139 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 986 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site