IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


පොදුජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්

ශ්‍රී ලංකාව යනු මැදි ආදායම් උගුලක සිර වූ රටකි. එවිට අපට තවදුරටත් දුප්පත් රටවල් සමඟ තරග කර ඉදිරියට යෑම පහසු නැත. අඩු වැටුපට වැඩකරන රටවල් බොහෝමයක් තවත් ඇත. එවිට එම රටවලට ආයෝජකයන් ඇදී යෑම සාමාන්‍ය දෙයකි. ලෝකයේ රටවල් සියයට 80-90 පමණ ලංකාව නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාව තිබේ. එසේ නම් අප බැලිය යුත්තේ ජාත්‍යන්තරයේ තරග කිරීමට මෙතැනින් ඉහළට යන්නේ කෙසේද කියාය. ලංකාව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා තරගකාරීත්වයෙන් වැඩි භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරන්නේ කෙසේද කියාය. මෙය ඡන්ද පදනම් කරගත් අයවැයකට එහා ගිය පුළුල් ක්‍රියාදාමයකි. 

ඉහළ ගණයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන රටක්වීමට රටක් හැටියට ලංකාව ඊට සූදානම් වියයුත්තේ කෙසේද? අපේ මූලික අවධානය යොමුවිය යුත්තේ එයටය. එහෙත් මේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේදී අපට මුහුණදීමට හා විසඳාගැනීමට ඇති ප්‍රධාන කාරණයක් බවට අධ්‍යාපනය පත්ව තිබේ. ලංකාවේ බහුතරයක් සිසු සිසුවියන් වැඩි බරක් තබන්නේ බෞද්ධ සංස්කෘතිය, සිංහල, නර්තනය, දේශපාලන විද්‍යාව ආදී විෂයන්ටය. ඉතින් මෙවැනි මානව විද්‍යා විෂයන් වැඩිපුර හදාරන තත්ත්වයකදී ඉහළ වෙළෙඳපොළ තරගකාරීත්වයක් සහිත රටක් බවට ලංකාව පත්කර ගත හැකිද යන යථාර්ථවාදී ප්‍රශ්නය අප හමුවේ තිබේ. එයට පිළිතුර නම් නොහැකිය යන්නයි. මෙවර අයවැයේ එක් ඉලක්කයක් බවට මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම දැක්විය හැකිය. ශිෂ්‍ය ණය ලබාදීම හරහා අධ්‍යාපනය සඳහා වූ ආයෝජනය උපාය මාර්ගයක් බවට පත්කරන්නේ ඒ අනුවය. 

දැනුම මෙන්ම කුසලතාව ද රටක් දියුණුවට අත්‍යවශ්‍යය. කුසලතාවෙන් පිරිපුන් දරු දැරියෝ විශාල පිරිසක් මේ රටේ වෙති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමයයි. ඊට හේතුව අවස්ථා සීමිත වීමය. මේ තත්ත්වය හඳුනාගෙන ආණ්ඩුවක් හැටියට පසුගිය අයවැයේදී ද සිසු සිසුවියන්ගේ කුසලතාව වැඩිදියුණු කිරීමට අවස්ථා පුළුල් කිරීමට අපි කටයුතු කළෙමු. එහි යම් අඩුපාඩු තිබුණේ නම් ඒවා ද හඳුනාගෙන පැහැදිලිවම මෙවර අයවැය එහි වර්ධනීය දිගුවක් බවට පත්වනු ඇත. සරලව කිවහොත් අ.පො.ස. සා.පෙළ හෝ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ විට ජීවිතයේ ඊළඟ පියවරට සිය කුසලතාව භාවිත කිරීමට උත්සාහ කරන දරු දැරියෝ වෙති. එහෙත් ප්‍රශ්නය නම් මූල්‍ය ශක්තියයි. මේ දරුවන්ට රජයෙන් පොලී රහිත රුපියල් ලක්ෂ දහයක මූල්‍ය ණයක් ප්‍රදානය කිරීමට කටයුතු කෙරේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය හිමි උසස් අධ්‍යාපන ආයතනයකින් උගෙන ගැනීමට ඔවුන්ට හැකිය. ඔවුන්ට මේ ණය නැවත ගෙවීමට සිදුවන්නේ වසර අටකට පසුය. ඒ අනුව සිය කුසලතා වර්ධනයට ආර්ථික අගහිඟතාව හේතුවක් වී නම් මේ නව ණය ප්‍රදානයෙන් එය ද දුරුවන්නේය. අ.පො.ස. සා.පෙළ විභාගයෙන් පසුව උසස් පෙළට විෂය 26ක් තිබේ. නව ප්‍රවේශය මගින් එන්.වී.කිව්. සහතික හරහා සිය කුසලතා වර්ධනයට ඉඩ විවර වේ. සාම්ප්‍රදායික මානව විද්‍යාවන්ගෙන් බැහැරව මෘදුකාංග ඉංජිනේරු, මෝටර් කාර්මික, විදුලි කාර්මික ආදී ඉසව් රැසකට මේ ප්‍රවේශය භාවිත කළ හැකිය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ නව ලොව සෙසු රටවල් සමඟ තරග කළ හැකි කාර්යසාධක බලකායක් නිර්මාණය කිරීමය. මෙම කටයුත්තට අත නොගසා මැදි ආදායම් උගුලෙන් බේරෙන්නට අපට නොහැකිය. 

ජනතාව සවිබල ගැන්වීම හා දුප්පතුන් පෝෂණය කිරීම යන කාරණා දෙකට මෙවර අයවැයෙහි මූලිකත්වය හිමිව ඇත. එයින් අදහස්වන්නේ කුමක්ද? එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා එසේත් නැත්නම් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා යන වැඩසටහන මගින් ව්‍යවසායකයන් නඟාර්‍සිටුවීම ආණ්ඩුවේ අරමුණයි. මේ වනවිට එය සමස්ත දිවයින ආවරණය කරමින් දියත්වීම ආරම්භ වී තිබේ. ඒ යටතේ ආයෝජන සම්බන්ධයෙන් ද මෙවර වැදගත් පියවරක් තබා ඇත. නිදසුනකට කුඩා පරිමාණයේ ආයෝජකයකු ගන්න. යම්කිසි මුදලක් ආයෝජනය කළේ නම් එය මෙන් දෙගුණයක් ලාභය හැටියට තමන් ලබාගන්නා තෙක් ආදායම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කෙරේ. මේවා සැලකිය හැක්කේ හුදු ආයෝජන සංකල්පයෙන් ඔබ්බට ගොස් ජනතාව සවිබලගැන්වීම අරමුණු කරගත් දිගුකාලීන වැඩපිළිවෙළ හැටියටය. දුප්පත්භාවය එසේත් නැතිනම් සහනාධාර ලැබිය යුතු තත්ත්වය යනු මෙරට ප්‍රමුඛතම ගැටලුවකි. අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට රජයෙන් ඔවුන් අපේක්ෂා කරන සහන නිවැරැදිව ලැබේද යන්න ආණ්ඩුවක් විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම සුදුස්සන්ට ඒවා ලැබේද යන්න විමැසිය යුතුය. උදාහරණයකට සමෘද්ධි ව්‍යාපාරය ගතහොත් දශක ගණනක් තිස්සේ ක්‍රියාත්මක වුවද එයින් ලද ලාභාංශය ගැන ඇත්තේ විශාල ප්‍රශ්නයකි. සමෘද්ධිය නිස්සන්ට නොලැබේය යන්න කලක් තිස්සේ නැගෙන චෝදනාවකි.  දුප්පතුන් පෝෂණය කිරීම යන්නෙන් මෙහිදී මුදල් ඇමැතිවරයා අදහස් කරන්නේ ඒ ගැනය. එය හුදෙක් දුප්පතුන් දුප්පත්භාවයෙහිම ගැලී සිටීමෙන් වළක්වා ජීවන තත්ත්වයෙන් උසස් වර්ධනීය තත්ත්වයක් අත්පත් කරදීම යැයි කිවහොත් වඩා නිවැරැදිය. ඒ අනුව ජනතාව සවිබල ගැන්වීම හා දුප්පතුන් පෝෂණය කිරීම යන සංකල්ප දෙක අප තේරුම්ගත යුත්තේ එකිනෙකට ප්‍රතිබද්ධ අර්ථයෙනි. 

කෘෂිකර්මය යනු කාර්මික ක්‍ෂේත්‍රය මෙන්ම මෙරට ආර්ථිකයෙහි ප්‍රමුඛම අංශයකි. එහිදී පසු අස්වනු තාක්ෂණය නොමැතිකමින් බැට කන ගොවියාගේ ජීවන අන්දරය මාධ්‍ය මගින් දිගහැරෙන්නේ දිගුකලක් තිස්සේය. අස්වනු කළමනාකරණය මෙන්ම අලෙවි කරගැනීමේ ප්‍රශ්නය නිසා අස්වනු කිලෝ ගණනින් ගවයන්ට හා අලින්ට කෑමට දුන් අවස්ථාත් කුණු කඳුවලට විසි කළ අවස්ථාත් ලංකාදීප පුවත්පතම වාර්තා කළ අවස්ථා අගණිතය. මෙවර අයවැයෙන් ලංකාවේ ප්‍රථමවතාවට මෙම ප්‍රශ්නය ද ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. දේශගුණය පාලනය කරමින් අස්වනු අතිරික්ත විනාශ නොවන සේ ගබඩා කිරීමට ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. දඹුල්ලෙන් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ඉදිකෙරුණු ඇත. මෙරටේ ආර්ථිකයෙහි ජීවනාලිය බඳු ගොවි පරම්පරාවේ ශ්‍රමයට සරිලන වටිනාකමක් මෙන්ම ආර්ථිකයෙහි ස්ථිරසාරභාවයක් ඇතිකිරීමට මේ පියවර විශාල වශයෙන් හේතු වනු ඇත. ඒ අනුව මේ කරුණු සැලකීමේදී  සිසුන්, ගොවීන්, ආයෝජකයන් ආදී වශයෙන් සකල ආකාරයේ මානව සම්පත් ඉලක්ක කරගත් වඩාත් ජනතාවට සමීප අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව කිව හැකිය. රටේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවා ආමන්ත්‍රණය කළ ජනතාවාදී අයවැයක් හැටියට එය හැඳින්වීමෙහි වරදක් නැත.  

සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (1)

පොදුජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්

gunasena Wednesday, 06 March 2019 05:46 AM

අර්ථ සාධකයෙන් ජීවත්වන මිනිසුන් අමතක කෙළේ මොකද? හැමෝටම විශ්‍රාම වැටුප් නෑ. බැංකු පොලියට tax ඉවත් කරන්න.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 190 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 175 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1012 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 254 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1980 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 484 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site