තිස්සගේ මතක වත-106
2014 දෙසැම්බර් 6 වැනිද තමයි අපේ පක්‍ෂ සම්මේලනය කැඳෙව්වෙ. ඒක ටිකක් බරපතළ වැඩක් වුණේ ජනාධිපතිවරණයක් අත ළඟ තියෙද්දී කරන්න සිද්ධ වුණු නිසා. මේ වැඬේ සංවිධානය කර කර ඉන්නකොට සම්මේලනය පැවැත්වෙන දවසේ උදේ සිරිකොතට ගියාම මට දැනගන්න ලැබුණා මට විරුද්ධව කණ්ඩායමක් එක එක දේවල් කතාවෙනවා කියලා. රනිල් වික්‍රමසිංහගෙ ආරක්‍ෂක අංශයේ කෙනෙක්මයි මට ඒ බව කිව්වෙ. එයා කිව්වෙ සම්මේලනයේදී මම කතා කරනකොට ‘හූ’ කියන්න පිරිසක් සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි කිව්වේ. උතුරු කොළඹ පැත්තෙ කට්ටියක් තමයි එහෙම සංවිධානාත්මකව ඇවිත් තියෙන්නේ කියලා ඒ ආරක්ෂක නිලධාරියා මට කිව්වා.
මේ ආරංචිය දැනගත්ත ගමන් මම ජාතික සේවක සංගමයේ සිරිනාල් ද මෙල්ට කතා කරලා කිව්වා. මේ ගැන ජාතික සේවක සංගමයේ සම්මේලනයට සහභාගි වෙන පිරිස මුණගැහිලා මම ඒ අයට කිව්වා, මේ වගේ දෙයක් සිද්ධවෙන්න නියමිතයි ඒක නිසා අවධානයෙන් ඉඳලා එහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියලා. ජාතික සේවක සංගමයෙ අය මට ගොඩක් හිතවත් නිසා තමයි මේ ගැන මම ඒ අය එක්ක කිව්වේ. ඒ අයත් මට පොරොන්දු වුණා ඒ වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න වගබලා ගන්නවා කියලා. මට හිතවත් මන්ත්‍රීවරුත් මේ කාරණාව දැනගෙන ඒ ඒ අයගේ පිරිස්වලට කියලා තිබුණා මට විරුද්ධව කටයුතු කරන්න ආපු අයට එවැනි දෙයක් කරන්න ඉඩ දෙන්න එපා කියලා.
සමුළුව ආරම්භ වෙන්න ටික වෙලාවකට කලින් රනිල් වික්‍රමසිංහ ආවා. මම ඔහුගේ කාමරයට ගිහින් මේ ප්‍රශ්නය කිව්වා. මම රනිල්ට කෙළින්ම කිව්වා මට විරුද්ධව ‘හූ’ කියන්න මිනිස්සු ගෙන්නලා තියෙන්නේ රවි කරුණානායක, වහාම මේ වැඬේ නවත්තන්න කියලා. රනිල් ඒකට ‘හරි හරි’ කියල කිව්වත් මට තේරුණා ඔහු ඒක ඒ තරම් බරපතළ විදියට ගණන් ගත්තේ නෑ කියලා. සිරිනාල් ද මෙල් පවා රනිල්ට මේ ගැන කිව්වා. සිරිනාල් කිව්වා රවී මේ කරන වැඩෙන් පක්ෂෙටයි හොඳ නැත්තේ කියලා. අපි කතා කර කර ඉන්නකොට රවී කරුණානායක නායකතුමාගේ කාමරේට ආවා. රවි කාමරේට ඇතුළු වෙනකොටම මම රනිල් වික්‍රමසිංහට කිව්වා “මේ ඉන්නෙ රවී දැන් මෙයාටම කියන්න මේ වැඬේ නවත්තන්න කියලා. එතකොට රනිල් කිව්වා හරි හරි මං ඒක බලාගන්නම් තිස්ස දැන් ගිහින් සම්මේලනයේ වැඩ ටික බලා ගන්නකො’ කියලා. මම කිව්ව එහෙම බෑ මගේ ඉස්සරහ රවිගෙන් මේ ගැන අහන්න කියලා. රනිල් රවීගෙන් මේ ගැන ඇහුවෙම නැතුව මේ ප්‍රශ්නෙ මගඇරියා. කොහොම හරි හැබැයි මම රවිගෙ මුණටම කිව්වා. “රවී බලු වැඩ කරන්න එපා මේ වගේ කියලා. රවී කිව්වා “මම කට්ටියක් ගෙනාපු එක ඇත්ත. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගන්නයි ඒ අය ගෙනාවෙ කියලා. රනිල් මේ ගැන කිසිම දෙයක් නොකියා කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න එකෙන් මට තේරුම් ගියා කවුරුත් දැනගෙන තමයි මේ වැඬේ සිද්ධ වුණේ කියලා.
කොහොම හරි මේ ප්‍රශ්න මැද්දේ වුණත් සම්මේලනයට මම ගියා. මම කතාවකුත් කළා. ලෙකු ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ. සමුළුව ඉවර වුණාට පස්සේ රනිල් මට කිව්වා එයාගෙ කාමරේට එන්න කියලා. සම්මේලනයේ කරපු කතාවට ස්තුතියි කියලා මට කිව්වා. මම ඔහුට කිවවෙ ‘ස්තුතිවලින් නම් මට වැඩක් නෑ රවීගෙ ප්‍රශ්නෙ ගැන ඔබ තුමා, කිසිම දෙයක් කළේ නෑ. ඒ ගැන නම් මට ලොකු කලකිරීමක් තියෙන්නේ. මට හිතෙන්නේ ඔබතුමත් මේකට සම්බන්ධයි කියලා. “මොන පිස්සුද මම මේ මොකවත් දන්නෙ නෑ කියලා රනිල් කිව්වා. රවීට මේ වගේ වැඩ කරන්න එපා කියලා අවවාද කළා කියලත් ඔහු කිව්වා. ඒත් එහෙම කිව්වා කියලා මට නම් විශ්වාස නෑ කියාගෙන මම කාමරයෙන් පිටවෙලා ආවා. සම්මේලනයේ වැඩ ඒ විදියට ඉවර වුණා.
තව කොටසක් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්
සජිත් ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර
‘‘ජාතියේ පියා’’ ලෙස විරුදාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක
‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘
දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක
2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තිස්සට එරෙහිව මැර පිරිසක්