IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගමන වෙනස් කළ පක්ෂ නායකයන්ගේ හොංකොං සවාරිය

තිස්සගේ මතක වත-103

 

මම රෝහල්ගත වෙලා ඉන්න අතරෙ රනිල් වික්‍රමසිංහගෙන් ආපු දුරකථන ඇමතුමෙන් කියවුණේ හදිසි වුවමනාවක් හේතුවෙන් එයා හොංකොං යනවා කියලා. මට කිව්වෙ මලික් සමරවික්‍රමගෙ ව්‍යාපාර හවුල්කරුවෙකුගේ විවාහ මංගල්ලයකට යනවා කියලා. දවස් දෙකකට චන්ද්‍රිකා කුමාරතුංගයි, මලික් සමරවික්‍රමයි, රනිල් වික්‍රමසිංහයි තමයි යන බව කිව්වෙ. එයාලා ගිහින් එනතුරු පක්ෂෙ වැඩ ටික බලාගන්න කියලා කියන්න තමයි මට කෝල් කළේ.


මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුණොත් දුරකථන ඇමතුමක් දෙන්න කියලත් විශේෂ තීන්දු කිසිවක් ගන්න එපා කියන එකත් මතක් කළා. රෝහලේ හිටියත් මම කිව්වා පක්ෂෙ වැඩ ටික බලාගන්නම් නායකතුමාට ඒ ගමන ගිහින් එන්න කියලා. 


මට මලික් සමරවික්‍රමගෙ යාළුවෙකුගෙ මංගල්ලයකට යනවා කියලා කිව්වත් ඇත්තටම රනිල් මලික් චන්ද්‍රිකා කට්ටිය ගිහින් තියෙන්නේ පොදු අපේක්ෂකයා ගැන තීරණයකට එළඹෙන්න. මට ඒ වගක් කිව්වෙ නෑ. රෝහලේ ඉඳලා ගෙදර ආවාම මට මේ ඇත්ත කතාව වටින් ගොඩින් ආරංචි වුණා. මේ තුන්දෙනා හොංකොං ගිහින් තියෙන්නේ සිංගප්පූරුව හරහා. මේ අය පොදු අපේක්ෂකයා ගැන තීන්දුවකට එන්න තවත් පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ සිංගප්පූරුවෙදි කියලා තමයි මට දැනගන්න ලැබුණෙ. ඒ වනතුරුත් රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා වෙන පක්ෂයක කෙනෙක් විය යුතුයි කියන අදහසක හිටියේ නෑ. එයා දිගටම කිව්වෙ එයා තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා. අපි පෙනී හිටියෙත් ඒ වෙනුවෙන්. ඒත් සිංගප්පූරුවට ගියපු රනිල් වික්‍රමසිංහ එහේ ඉඳලා ආපහු එන ටිකට ඒ අදහස වෙනස් කරගෙන තිබුණා.


රනිල් වික්‍රමසිංහ ලංකාවට ආපු දවසෙම හවස මාව මුණගැහෙන්න මගේ ගෙදරට ආවා. ඇවිත් මට ඔවුන්ගේ සාකච්ඡාවල විස්තර ඔක්කොම කිව්වා. පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන තෝරගත්තා කියලා කිව්වා. මම ඔහුගෙන් ඇහුවා මෙයත් පොදු අපේක්ෂකයෙක් නේද, යූ.එන්.පි යෙන්ම කෙනෙක් දාන්න බැරි වුණේ ඇයි කියලා. ඔහු ඒකට උත්තරයක් විදියට කිව්වෙ එයාටත් කරන්න කිසිම දෙයක් නැතිවුණා එයාවත් බිත්තියට හේත්තු වුණා කියලා. ඊට වඩා පැහැදිලි උත්තරයක් රනිල් ඒ ප්‍රශ්නෙට දුන්නෙ නෑ. මම රනිල්ගෙන් ඇහුවා මෛත්‍රීපාල සිරිසේනගෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සාධාරණයක් හෝ සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. ඒ ගැන තියෙන විශ්වාසය මොකක්ද කියල මම දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒකට රනිල් කිව්වෙ ඒ ගැන ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මෛත්‍රී ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සෙ පැය විසිහතරක් යන්න කලින් අගමැති හැටියට තමාව පත්කරනවා  කිව්වා කියලා. ඒ වගේම විධායක ජනාධිපති බලය අගමැතිවරයට පවරන්න 19 වැනි සංශෝධනයත් ගේනවා කියලා. ඒ දෙක හරහා විශ්වාසය තහවුරු වෙන බව ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා. මම ඊට පස්සෙ ඇහුවා මෛත්‍රී මේ පැත්තට එනවනම් එයත් එක්ක කොච්චර පිරිසක් එනවද කියලා. මෛත්‍රී කියලා තියෙන්නේ තිස්පහක විතර පිරිසක් එයත් එක්ක කඩාගෙන එන්න සූදානම් කියලා. මේ සියලු එකඟවීම්වලට සහතිකකරු විදියට මැදිහත්වෙලා තියෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග. රනිල් මාත් එක්ක කිව්වෙ කොහොම වුණත් මෛත්‍රී තිස්පහක් ඒ පැත්තෙන් ගේන්න අසමත් වුණොත් ජනාධිපති අපේක්ෂකත්වය දෙන එක ගැන නැවත හිතන්න වෙනවා කියලා.
මේ කතාබහ අවසානයේ මම රනිල් වික්‍රමසිංහට කිව්වෙ මේ කිසිම දේකට මට නම් එකඟ වෙන්න අමාරුයි කියලා. මොකද මෛත්‍රීපාල සිරිසේන ගැන කිසිම විශ්වාසයක් මට නම් නෑ කියලා මම රනිල්ට පැහැදිලිවම කිව්වා.

 


තව කොටසක් ලබන සතියට.


ප්‍රියන්ත කොඩිප්පිලි
සංරක්‍ෂිත ඡායාරූපකි



අදහස් (0)

ගමන වෙනස් කළ පක්ෂ නායකයන්ගේ හොංකොං සවාරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site