පසුගිය ඉරිදා පක්ෂ නායකයින් හා සමග පැවැති හමුවේ දී ජනපති සිරිසේන මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි විශ්වාසභංග යෝජනාවේ දී හෝ කතානායක කරූ ජයසූරිය මහතා නිවැරදි පාර්ලිමේන්තු ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවයි. එම දෙවැනි අවස්ථාවේ දී කටහඬින් ඡන්දය විමසීමක් සිදුකළ කතානායකවරයා, පාර්ලිමේන්තුවේ කාලගෝට්ටිය මධ්‍යයේ, යෝජනාව සම්මත වූ බව නිවේදනය කළේ ය.
සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පැවැති පක්ෂ නායක හමුව අවසන් තීරණයකට එළැඹීමෙන් තොරවම අවසන් විය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරිමේ දී වැඩි තැනක් හිමිවිය යුත්තේ රජයට බවය. ඒ අනුව එම තේරීම්කාරක සභාව සදහා ඔහු 7 දෙනෙකු යෝජනා කර තිබූ මුත් තෝරාගෙන තිබුණේ 5 දෙනෙකි. පැවැති තේරීම්කාරක සභාවල සංයුතිය හා සැළකීමේ දී එය අසාධාරණ බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ය. මෙම අවස්ථාවේ දී කතානායකවරයා ඔහුට සිහිපත් කර දුන්නේ එක්සත් ජාතික පෙරමුණට පවා ලබා දී තිබෙන්නේ සාමාජිකයන් 5 දෙනෙක් පමණක් බවය.
ඇතැම් අය පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා කවර කරුණක් මත බලයේ රැදී සිටින්නේදැයි අභියෝගයට ලක්කරමින් ඔහු හා රජයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ දැන් අභියාචණාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තිබෙන හෙයින් එය ඊටත් වඩා කල් යා හැකි බවය.
වික්‍රමසිංහ මහතා දැන් අගමැතිධූරයෙන් ඉවත් කර තිබෙන හෙයින්, ගැටුම දැන් දිවෙන බවක් පෙනෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතරය. 
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉමක් කොණක් නොපෙනෙන අඳුරක