නවසීලන්තයේ මොකද වුණේ ?
නවසීලන්තයේ වැඩි කලබලයක් නැතැයි සැලකෙන නගරයක වන ක්‍රයිස්ට්චර්ච් නගරයට අද, (15) සිකුරාදා මිලේච්ඡ සහ සාහසික ප්‍රහාරයක් එල්ල විය. ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට කඩා වැදුණු ඕස්ට්‍රේලියානු ජාතිකයකු කළ වෙඩි තැබීමකින් 49 දෙනකු මියගොස් තවත් 20 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ සිකුරාදා යාඥාවල යෙදී සිටියදී එම ප්‍රහාරය එල්ල විය.