2025 ජුනි මස පමණක් රු. බිලියන 7.4 ක් වටිනා නිවාස ඒකක 104ක් ඇතුළුව 2025 මුල් මාස 06 තුළ විකුණුම් රු. බිලියන 25 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත් විශ්වාසදායී දේපළ වෙළෙඳාම් ව්‍යාපාර ආයතනයක් වන හෝම්ලැන්ඩ්ස් මෙරට දේපළ වෙළෙඳපොළේ තම ආධිපත්‍ය තව දුරටත් තහවුරු කරමින් පසුගිය මාසය තුළ පමණක් රුපියල් බිලියන 7.4 ක් වටිනා නිවාස ඒකක 104 ක සුවිශේෂී විකුණුම් වාර්තාවක් සනිටුහන් කරන ලදී.
මෙය දේපළ වෙළෙඳාම් ආයතනයක් විසින් මසක් තුළ වාර්තා කළ විශාලතම විකුණුම් අගය ලෙස ඉතිහාස ගත වන බව එම සමාගම කියයි.
මෙම වාර්තාගත ප්‍රතිඵලය උදෙසා එම ආයතනය මෑතකදී තුන්මුල්ල ප්‍රදේශයේ එළි දක්වන ලද Pentara Residencies අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය විශාල දායකත්වයක් දක්වන ලදී.
මෙමගින් පිළිබිඹු වන්නේ හෝම්ලැන්ඩ්ස් සන්නාමයේ ප්‍රබලත්වය පමණක් නොව එම ආයතනය කෙරෙහි දේශීය හා විදේශීය පාරිභෝගිකයන් තබා ඇති දැඩි විශ්වාසයයි.
තවද 2025 මුල් මාස 06 තුළ පමණක් හෝම්ලැන්ඩ්ස් ආයතනය රුපියල් බිලියන 25ක් ඉක්මවූ විකුණුම් ළඟා කරගෙන ඇති අතර එය 2024 වර්ෂය පුරාවට එම ආයතනය අත්කර ගත් රු.බිලියන 31 ක සමස්ත විකුණුම් වටිනාකමෙන් සියයට 80 ටත් අධිකය.
වසර 22 කට අධික කාලයක් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසය, නිර්මාණශිලිත්වය සහ විශිෂ්ටත්වය යන අගනාකම් පදනම්ව විප්ලවීය නිවාස ව්‍යාපෘති සංකල්ප රාශියක් මෙරටට හදුන්වා දුන් හෝම්ලැන්ඩ්ස් ආයතනය මේ වන විටත් 3000 කට අධික නිවාස ඒකක ගණනක් එහි පාරිභෝගිකයන්ට භාරදී ඇත.
මෙවන් පසුබිමක මෙවනි සුවිශේෂී වාර්තාවක් මගින් එම ආයතනයේ ව්‍යාපෘතිවල පවත්නා ගුණාත්මක භාවය හා වෙළෙඳපොළ අවශ්‍යතා මත පදනම් වූ මනා ව්‍යාපෘති සැලසුම්කරණය තව දුරටත් පිළිබිඹු වේ .
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හෝම්ලැන්ඩ්ස් සමාගමෙන් ඉතිහාසගත විකුණුම් වාර්තාවක්