IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුළි කුණාටුවේ වැඩිම බලපෑම දුප්පත් පවුල්වලට

  • බදුල්ල, කෑගල්ල සහ පුත්තලම් දිස්ත්‍රික්කවල බොහෝ පවුල් දිට්වා සුළි කුණාටුව කඩා වැදීමට පෙර සිටම දුප්පත්කමින් 
  • පීඩා විඳිමින් ඉඳලාදිට්වා සුළි කුණාටුවෙන් නිවාසවලට වැඩිම හානියක් සිදුව ඇත්තේ එම දිස්ත්‍රික්කවල දුප්පත්කමින් පෙළෙන පවුල්වලට
  • මහනුවර දිස්ත්‍රික්කයට වූ හානියේ වටිනාකම ඩොලර් මිලියන 689 ක්. යටිතල පහසුකම්වලට සිදුව ඇති සමස්ත හානිය ඩොලර් මිලියන 318ක්
  • දෙවැනි ස්ථානයට වැඩිම සෘ හානියක් සිදුව තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයට. එහි වටිනාකම ඩොලර් මිලියන 486 ක්
  • තෙවැනි ස්ථානයට වැඩිම හානියක් සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයට

විමුක්ති එස් රුද්‍රිගු


ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන්

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි පීඩාවට ලක්වූ දිස්ත්‍රික්ක දෙස බලන විට එම දිස්ත්‍රික්කවල දැඩි අවදානමට ලක්ව සිට ප්‍රජාව ආපදා තත්වය හේතුවෙන් විශේෂයෙන් තවත් අවදානමට ලක්ව ඇතැයි ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා දිට්වා හානි ඇස්තමේන්තු වාර්තාව නිකුත් කරමින් පෙරේදා (22) ප්‍රකාශ කළේය.

ආපදා තත්වයෙන් දැඩි හානියක් සිදුවූ බදුල්ල, කෑගල්ල සහ පුත්තලම් දිස්ත්‍රික්කවල බොහෝ පවුල් සංඛ්‍යාවක් දිට්වා සුළි කුණාටුව කඩා වැදීමට පෙර සිටම දුප්පත්කමින් පීඩා විඳිමින් සිට ඇති බවත් දිට්වා සුළි කුණාටුවෙන් නිවාසවලට වැඩිම හානියක් සිදුව ඇත්තේ එම දිස්ත්‍රික්කවල දුප්පත්කමින් පෙළෙන පවුල්වලට බවත් සාර්ගසියාන් මහතා පැවැසුවේය.

නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිටින සෑම පවුල් හතරකින් දෙකකම ගෘහ මූලිකත්වය හිමිවන්නේ කාන්තාවකට හෝ වයෝවෘද්ධ පුද්ගලයකුට බවත් කාන්තාවන් සහ ගැහැනු ළමයින් දහස් ගණනක් අවතැන් වී හෝ අනාරක්ෂිත නිවාසවල රැඳී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම යථාර්ථය අවධාරණය කරන්නේ අවදානමට ලක්ව සිටින අය ආරක්ෂා කළ හැකි, එම ප්‍රජාව කේන්ද්‍ර කරගත් යළි ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව බවද සාර්ගසියාන් මහතා පැවැසුවේය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්වයෙන් මෙරට ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය සැලකිල්ලට ගත්විට එම ගොඩනැගිලිවල තිබූ ව්‍යුහාත්මක අවදානම් තත්වය පෙන්නුම් කරන බවත් නැවතත් ගොඩනගනවිට වඩාත් යෝග්‍ය ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව ඉන් පෙනී යන බවත් ලෝක බැංකුව පෙරේදා (22) නිකුත් කළ හානි ඇස්තමේන්තු වාර්තාවේ දැක්වේ. එහිදී ගං වතුරට ඔරොත්තු දෙන ආකාරයට ගොඩනැගිලි සැලසුම් කර සැදිය යුතු බවද එම වාර්තාව පෙන්වා දෙයි.

සුළි කුණාටුවෙන් වැඩිම සෘජු හානිය සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බවත් හානියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 689 ක් බවත් එහි සඳහන් වේ.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ නේවාසික ගොඩනැගිලි සහ එහි අන්තර්ගතයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 210 ක හානියක් සිදුව ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයේ නේවාසික නොවන ගොඩනැගිලිවලට ඇමෙරිකානු ඩොලර් මිලියන 117 ක හානියක් සිදුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මහනුවර දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්වලට සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 318ක් බවද එහි සඳහන් වේ.

ගංවතුර සහ නායයෑම් තත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 44 ක් බවද එම වාර්තාවේ දැක්වේ.

දිට්වා සුළි කුණාටුවෙන් දෙවැනි ස්ථානයට වැඩිම සෘජු හානියක් සිදුව තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයට බවත් එම හානියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 486 ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ හානි ඇස්තමේන්තු වාර්තාවේ සඳහන් වේ. එහිදී පුත්තලම් දිස්ත්‍රික්කයේ නේවාසික ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 144 ක් බවත් නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 67 ක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්වලට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 207 ක් බවද එම වාර්තාවේ දැක්වේ. එසේම ගං වතුර සහ නායයෑම් තත්වයන්ගෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 67 කි.

දිට්වා සුළි කුණාටුවෙන් තෙවැනි ස්ථානයට වැඩිම හානියක් සිදුව ඇත්තේ බදුලු‍ දිස්ත්‍රික්කයට වන අතර එම හානියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 379 කි. එහිදී බදුලු‍ දිස්ත්‍රික්කයේ නේවාසික ගොඩනැගිලිවලට ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක සෘජු හානියක් සිදුව ඇති බවත් නේවාසික නොවන ගොඩනැගිලිවලට ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක හානියක් සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එසේම සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් බදුලු‍ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්වලට සිදුව ඇති සෘජු හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 165 ක් බවත් කෘෂි කර්මාන්තයට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 92 ක් බවත් එම වාර්තාවේ දැක්වේ.

ලෝක බැංකුවේ හානි ඇස්තමේන්තුවාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුවෙන් කෘෂි කර්මාන්තයට වැඩිම හානියක් සිදුව ඇත්තේ බදුල්ල‍ දිස්ත්‍රික්කයේය.



අදහස් (0)

සුළි කුණාටුවේ වැඩිම බලපෑම දුප්පත් පවුල්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site