කාංචන කුමාර ආරියදාස
කෘත්‍රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සීයට අනූනමයක් වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම එක්ව මෙම මාධ්‍ය හමුව පැවැත්වූහ.
මාධ්‍ය හමුව ඇමතූ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේ පසුගිය කාලයේ ඇතිවූ නියඟය හේතුවට වඩා මහා පරිමාණ ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුවී සහල් නිෂ්පාදනය කරන මුවාවෙන් මහා පරිමාණ වී මංකොල්ලයක් සහ සහල් මංකොල්ලයක් සිදු කරන බවයි.
ලංකාව පුරාම සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ ආයතන වසා දැමීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එමෙන්ම සහල් මෝල් ආශ්‍රිතව සේවය කළ විසිපන්දාහක් පමණ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සිය ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා ලබා ගත් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව අසරණවී සිටින බව ද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් මෝල් වැඩිහරියක් වහල නම් සහල් හිඟයක් ඇති වෙන්නම ඕනනෙ.
මේක මේ අය විසින් සැලසුම් සහගතව කරන දෙයක්.. මහාපරිමාන මෝල් 2,3ක් ඉතුරුවෙලා අනික් ඒවා වසා දැමීම සහ පිටරටින් ගේන්න සහල් වලින් කිසිම වෙහෙසක් නැතිව මුදල් ඉපයීම මේකේ අරමුණ....රජයත් හොරාට නිදා ගන්නවා...විශාල මෝල් හිමිකරුවෝ දේශපාලඥයෙකුගේ සහෝදරයෝ.......එහෙම නැත්නම් ඇමතිලා...
කවුරු කොහොම කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ලැදියාවක් ජනාධිපති තුමාගේ තියෙනවා. ඇරත් ඔය මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ගැන එතුමාගේ දැක්ම මොකද්ද කියල ජනතාවට එතකොට බලාගන්න පුළුවන් වෙයි.......... මොන විදියකින් හරි අපේ ජනතාවට යහපතක් තමා අපි බලාපොරොතු වෙන්නේ.
මේ ලිපියට අදාල නැති වුණත් මෙය පලකරාවි කියා සිතනවා. පාරේ විකිණීමට තියන කපපු කොස්, (මැල්ලුම්) අරගන්න එපා. දරුවන්ට දෙන්න එපා. කොස් වල කහට පිපෙන එක නවත්තන්න රසායනික දියර වතුරකට කොස් දාලා තමයි පාර්සල් කරලා විකුණන්නේ... ගැබිණි මව්වරු, වයසක, බාල කාගේ වුණත් ජීවිත අනතුරේ, මෙය බොරුවක් නොවේ. චර්ම රෝග වෛද්‍යවරයෙක් පවසපු දෙයක්... කොතරම් බෙහෙත් කරත් හොඳ වෙන්නැති නිසා දොස්තර අහලා තියනවා විස්තරේ.... පසුව අමාරුවෙන් දොස්තර මහත්තයා වෙළෙන්දාගෙන් අහලා දැනගත්තු දෙයක් තමයි මම ඔයාලට කිව්වේ...
අසරණ ගොවීන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු දෙකක් තිස්සේ මහින්ද ජනපති කාලේ නොගෙවා ඉන්න කොට මේ ගොවි සම්මේලන ලේකම්ලා උද්ඝෝෂණ කලෙත් නැහැ. මාධ්‍ය සාකච්චා තිබ්බෙත් නැහැ. දැන් වැස්සත් පාරට , පැවුවත් පාරට බැහැගෙන පාරවල් අවහිර කරනවා.