IMG-LOGO

සිංහල දෙමළ අලු‍ත් අවුරුද්දට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් වැඩසටහන් රැසක්



ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අපේ සංස්කෘතියට හා සම්ප්‍රදායට මුල්තැන දෙමින්, ජනතාවගේ යහපැවැත්ම උදෙසා විවිධ ක්‍රියාකාරකම් මෙම වැඩසටහන්වලට ඇතුළත්ය.

  • අවුරුදු චාරිත්‍ර ඇතුළත්  ආයුර්වේද ලිත

අවුරුදු චාරිත්‍රවලට අදාළ නැකත් ඇතුළත් ආයුර්වේද ලිතක් සිංහල හා දෙමළ භාෂාවලින් අප්‍රේල් 07 වැනි දා සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් බෙදා දෙනු ලබයි. මෙම ආයුර්වේද ලිතේ අවුරුදු චාරිත්‍රවලට අමතරව, කායික හා මානසික යහපැවැත්ම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද විශේෂ උපදෙස් ද ඇතුළත්ය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා ජාලය සහ තැපැල් කාර්යාල හරහා මෙම ලිත බෙදා දෙනු ලබන අතර, තොග අවසන් වන තුරු පමණක් ලබා ගත හැකිය.

  • අවුරුදු ගනුදෙනුවට පැළයක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග අවුරුදු ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට ආර්ථික වටිනාකමක් ඇති පැළයක් තෑගි ලෙස ලබා දීමට කටයුතු කර තිබේ. “නැකතට පැළයක් - පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය”‍ යන වැඩසටහන යටතේ අප්‍රේල් 16 වැනිදා දිවයින පුරා පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා 262 කදී මෙම පැළ බෙදා දීමට නියමිතය. තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග සහයෝගයෙන් 2019 සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 2017 සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද NSB කෘෂි වන වගා ව්‍යාපෘතිය (NSB Agroforestry Project) හරහා පාරිසරික වටිනාකම පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම ද මෙහි අරමුණකි.

  • පාරිසරික වගකීම

අලු‍ත් අවුරුද්දක උදාවත් පාරිසරික මංගල්‍ය. ගහකොළ, සතා සිවුපාවුන්, ඇළ දොළ ඇතුළු ස්වාභාවික සම්පත් රැකදීම සහ සශ්‍රීක පරිසරයක් නිර්මාණය කිරීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික වගකීමක් ලෙස සලකයි. 

මෙය බැංකුවේ ප්‍රධාන මූලධර්ම වන ඉතිරිකිරීම සහ සකසුරුවම යන සංකල්පවලට ද අනුකූලය. අප්‍රේල් 16 වැනිදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛාවලට පැමිණ අවුරුදු ගනුදෙනු සිදුකරන අතරම, මෙම වැඩසටහන්වලට ද සහභාගී වන ලෙස සියලු‍ම ගනුදෙනුකරුවන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආරාධනා කරයි. 



අදහස් (0)

සිංහල දෙමළ අලු‍ත් අවුරුද්දට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් වැඩසටහන් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site