රජය විසින් සහනදායී වාහන බලපත්‍ර සම්බන්ධයෙන් සිදුකළ අයවැය ප්‍රකාශයෙන් පසු එසේ වාහන මිලට ගැනීම නොවැම්බර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වහාම නවතා දැමුණු අතර මෙතෙක් ලබාගෙන ඇති වාහන බලපත්‍රවලට අදාළව තවමත් වාහනයක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීම හෝ දේශීයව එකලස් කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වීම දෙසැම්බර් 31 වැනිදා තෙක් පමණක් කළ හැකි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
වාහනය ආනයනය කිරීම හෝ දේශීයව මිලදී ගැනීම අදාළ බලපත්‍රයේ වලංගු කාලය තුළදී සිදුකළ යුතු බව එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප රජයක් ආවම ඔවුන් හිතන්නේ රට ගැන. රජයෙ රැකියා කපා දමමින් අරමුදල් ඉතිරි කරන්න උත්සාහ කරනවා. වාහන බලපත් අහෝසි කරනවා බදු වැඩි කරනවා ඊළඟ පාර පරදිනවා මිනිස්සු නැවත ඡන්දය දෙන්නේ නෑ (බ)
අපි මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන බදු නැතුව වාහනත් ගන්නවා. (ම)
අපි මිනිසුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන බදු නැතුව වාහනත් ගන්නවා (නි)
අනේ අපිටම තමයි හැමදේම! (නි)
ආයෙත් නම් අපෙන් ඡන්ද ගන්නවා බොරු (නි)
ඔහොම යමුකෝ! (නි)
ඔය ටික කරගන්නනේ ඕනෑ වුණේ (නි)
යහපාලනයට ජයවේවා! (නි)
නියමයිනේ! (නි)
පොඩි මිනිහට තමයි හැම කරදරයම (නි)
අනුර කුමාර මහත්තයා මේ ගැන සද්දයක් නැත්තේ මොකද දන්නේ නැහැ. (නි)
රැකියා විරහිත කණ්ඩායම් මේ පර්මිට් සම්බන්ධව අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත යුතුයි. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියල වාහනයක් ගන්න තියෙන බලාපොරොත්තුව දිනෙන් දිනම දිය වෙනවා (රේ)
මෙම බලපත් නැවත දැමීම හොදයි. රටේ ඇති නැති පරතරය වැඩි වීමට මේකත් හේතුවක්. (බ)
මේ වගේ අනවශ්‍ය දේවල් නැතිකළ එක නම් ලොකු දෙයක්. රටට විදේශ විනිමය උපයාදෙන අයට කෘතගුණ සැළකීමක් වශයෙන් වාහන පර්මිට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)
රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් වාහන බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇතිකළොත් ඉන්ධන වෙනුවට වතුර ගහන වාහන නිෂ්පාදන පටන්ගන්න වෙයි (නි)
රාජ්‍ය සේවයේ බමුණු කුලයේ පුහුමානය අඩුවීමට හේතුවක් (නි)
මේ තීරනයනම් කොන්දක් ඇති කෙනෙක් ගත්ත තීරණයක් අනිත් ඒවානම් හිතන්න වෙනවා සමහරක් ඒවා වැරදි තීරණ (බ)
මේ තීරනයනම් කොන්දක් ඇති කෙනෙක් ගත්ත තීරණයක්. අනිත් ඒවානම් හිතන්න වෙනවා. සමහරක් ඒවා වැරදි තීරණ. (ස)
මම නම් කියන්නේ මේ තීරණය හොඳයි (නි)
නිෂාම් කියනදේට මමත් එකඟයි (නි)
රැකියා නොමැති අයට අඩුමිලට වාහන දෙන ක්‍රමයක් ඇති කරන්න පුලුවන් නම් හොඳයි. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා මේවට (නි)
අපේ අයමනේ ඉතින් හොඳයි කියලා වෙනසක් ඇතිකරන්න වළිකෑවේ (නි)
රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් වාහන බලපත්‍ර ලබා දෙන ක්‍රමයක් ඇති කරන්න .(ම)
මෙම බලපත් නැවත දැමීම හොඳයි. රටේ ඇති නැති පරතරය වැඩි වීමට මේකත් හේතුවක්. (බ)