IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සීසන් එකක් නැති නිසා බිස්නස්වල යම් අඩුවක් තියෙනවා

රටක ආර්ථික කඩා වැටීමට ගෝලීය ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස්වීම්, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීය ව්‍යසන, යුද්ධ, ස්වාභාවික විපත් යනාදිය හේතු වේ. ශ්‍රී ලංකාව ද එවැනි කාල පරිච්ඡේදයක් පසු කරමින් කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවීමේ ප්‍රයන්තයක නිරතව සිටී. 

මෙම ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව පීඩාවට පත්වනවා සේම ව්‍යාපාරිකයන් ද ඉන් පීඩාවට පත්ව සිටින තවත් පාර්ශ්වයකි. මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ බොරැල්ල වෙළෙඳ නගරයේ නන්දිම ටෙක්ස් වෙළෙඳ ආයතනය වෙතටයි. එහි හිමිකරු වන ඩබ්ලිව්. සුනිල් ජයරත්න මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි රෙදි තොග වශයෙන් අරගෙන ඇවිත් තමයි වසර තිහක කාලයක ඉඳන් රෙදිපිළි වෙළෙඳාමේ නිරත වෙලා ඉන්නේ. මේ දවස්වල සීසන් එකක් නැති නිසා බිස්නස්වල යම් අඩුවක් තියෙනවා. පසුගිය අවුරුදු සීසන් සමයේත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තිබුණා. 

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

ව්‍යාපාරිකයන් වන අපි බිස්නස් එක සඳහා මුදල් යොදවලා රෙදිපිළි වෙළෙඳපොළට සැපයුවාට ඒවා මිලදී ගන්න එන පාර්ශ්වයේ අඩුවක් තියෙනවා නම් බිස්නස් එකේ ගලා යෑමක් සිදුවෙන්නේ නැහැ. බිස්නස් එකක් පවතින්න නම් පාරිභෝගිකයා මිලදී ගැනීමේ ක්‍රියාවලියත් එක්ක සක්‍රීයව සම්බන්ධ වෙන්න ඕනේ. 

පසුගිය සීසන් එකේ මිලදී ගැනීම් කරන්න මුදල් යොදවපු නිසා මේ වෙද්දී පාරිභෝගිකයන්ගේ අතේ මුදල් හිඟකමක් තියෙනවා. ඒ නිසා රෙදිපිළි මිලදී ගන්න දැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වගේම මේ කාලසීමාව කියන්නේ කොහොමත් ලොකු බිස්නස් එකක් සිදුවන කාලසීමාවක් නෙමෙයි. පාරිභෝගිකයෙක් හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ඇවිත් ඇඳුමක් මිලදී ගෙන යනවා හැරෙන්න සීසන් එකේ වගේ එක පෙළට ඇවිත් මිලදී ගැනීමක් කරන්න යොමු වෙන්නේ නැහැ. සීසන් එකේ සහ අද කියලා රෙදිවල මිලේ වෙනසක් වෙලා නැහැ. පසුගිය මිල ගණන් යටතේම තමයි රෙදි මිල පවතින්නේ.

ඒ වගේම මේ කාලසීමාවේ පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විශාල මුදලක් දරන්න සිදුවන නිසා ඔවුන්ගේ රුචිකත්වය මත තවත් දෙයක් මිලදී ගැනීමට තිබෙන හැකියාව අඩුයි. මේ විදිහට කඩවල්, පාරවල් පාළුවට ගිහින් තියෙන්නේ මිනිසුන් අතේ අමතර මුදලක් යම් මිලදී ගැනීමකට යෙදවීමට පුළුවන් මට්ටමක් මේ වෙද්දී නැති නිසා. 

මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

සීසන් එකක් නැති නිසා බිස්නස්වල යම් අඩුවක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site