සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයින පුරා අලෙවිසැල් රැසක් සමග අත්වැල් බැඳගෙන සිටී.
මේ යටතේ Softlogic Brands, Cool Planet, Fashion Bug, Nolimit, CIB, Crocodile, Sriyani Dresspoint, DSI, Velona සහThilakma ඇතුළු අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවකදී සෙලාන් කාඩ්පත් හිමියන්ට වට්ටම් හා දීමනා හිමි වේ. ඇඳුම් පැළඳුම්, සපත්තු, ආහාරපාන සහ Auto Care නිෂ්පාදන ඇතුළු බොහෝ දේ සඳහා මෙම සුවිශේෂී වාසි හිමි වනු ඇත. විශේෂයෙන්ම උත්සව සමයට අත්‍යවශ්‍ය දෙයක් වන ඇඳුම් පැළදුම් සඳහා සෙලාන් කාඞ්පත් හිමියන්ට සියයට 30 ක් දක්වා වට්ටම් හිමි වේ.
සෙලාන් කාඩ්පත් හිමියන්ට ලැබෙන තවත් වාසියක් වන්නේ Seylan Visa Signature, World Mastercard සහ Visa Platinum කාඩ්පත් භාවිතයේදී Seylan Rewards Points හිමි වීමයි. Keells, Spar, Cool Planet සහ Scope Cinemas ඇතුළුව මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කාර ආයතන සමග ගනුදෙනු කිරීමේදී මෙම Points භාවිත කළ හැකි වේ.
මීට අමතරව සෙලාන් කාඩ්පත් මගින් හඳුන්වා දී ඇති ‘Seylan Easy Pay’ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම 2025 දෙසැම්බර් 31 දක්වාම වලංගු වේ. සූර්ය බලශක්ති නිෂ්පාදන, විදේශ සංචාර, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ සේවා ආදිය සඳහා මෙම පහසු ගෙවීමේ ක්‍රම භාවිත කළ හැක.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් අවුරුදු වාසි රැසක්