(බිඟුන් මේනක ගමගේ )
විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කරදීම සඳහා වැඩපිළිවෙළක් ජාතික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.
විශ්ව විද්‍යාල පහළොවක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක හා ජාතික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වන සේ මෙම වැඩපිළිවෙළ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැගේ.
පෞද්ගලික අංශ සමාගම්වල ආයෝජන සහාය නව නිපැයුම් සඳහා ලබාදීමේදී ජාතික සංවර්ධන අධිකාරිය පහසුකම් සපයන්නෙකු සේ කටයුතු කෙරෙන අතර කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස් යන සමාගම් ඊට අදාළ මූලික සාකච්ඡාවලට සහභාගී වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆයිනස් කොල වලින් පෙට්‍රල් හදපු (ඒ හින්දා ප්‍රාදේශීය ලේකම් නඩු දාන්න ගියපු) ගම්පොල විකුම් මහතාගෙ නිපැයුම් වලට ආයෝජනය කරන්න එක සමාගමක්වත්, රජයෙ ආයතනයක්වත්, නව නිපැයුම් කොමිසමවත් නෑ.
කව්රු වුනත් මේ යෝජනාව ගෙනවිත් ප්‍රයෝගික තත්වයට ගෙනෙන කෙනා මේ රටේ දියුණුවට දායක වෙන විශිෂ්ටයා ලෙස සම්මානයට පාත්‍ර වියයුතුයි. ලොව බොහෝ නව නිපැයුම් බිහි වෙන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිතවයි. අපේ රටේ එවැනි නිපැයුම් වලට ඉදිරි ගමනක් නැති නිසා සිසුන් නව නිපැයුම් ගැන බලන උනන්දුව අඩුවෙනවා.
සුලන් බලයෙන් මුළු රටටම විදුලිය සපයන්න සොයාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයා හමුවී එම අනගි අවස්ථාව රටට හිමිකරගන්නා වැඩපිළිවෙලක් යොදන්න
ලංකාවේ විශ්වවිද්‍යාලයක සිසුවියක් ලේ වල සීනි ප්‍රමාණය පසුවෙන් දැනගත හැකි යමක් නිපදවා ඇති වග දැනගන්න ලැබුණා. මේ වැනි දේ ඕන තරම් මෙරට්වල තිබෙනවා. ඒ වැනි දෙයකට ආයෝජකයන් සොයාගැනීම ටික්කක් අපහසු වෙනවා.