භානුක අමරසිංහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මතීෂ හේවාවිතාරණ මහතා නම් කරන බව එම සමාගම පවසයි. පසුගිය අගෝස්තු 26 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී අදාළ නම් කිරීම ඒකමතිකව ස්ථිර කර තිබේ. එසේම පසුගිය දා මහ බැංකුව ද එම නම් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඒ මහතා සියපත ෆිනෑන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී (නම් කළ) ලෙස පත් කෙරෙන බව සමාගම පවසයි. හේවාවිතාරණ මහතා මේ වනවිට එම සමාගමේ ප්‍රධාන ක්‍රමෝපායික නිලධාරීවරයා ලෙස කටයුතු කරයි. මේ වනවිට සියපත ෆිනෑන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ආනන්ද සෙනෙවිරත්න මහතා මෙම වසර අවසානයේදී විශ්‍රාම යෑමත් සමගින් හිස්වන ධුරය සඳහා හේවාවිතාරණ මහතා නම් කර තිබේ. ඒ මහතා සතුව වසර 20කට අධික කාලයක් පුරා මූල්‍ය සේවා කර්මාන්තය තුළ අත්දැකීම් සහිත බව පවසයි. ඒ මහතා සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙත සම්බන්ධ වී ඇත්තේ 2005 වසරේදීය. සියපත ෆිනෑන්ස් සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමකි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සියපත ෆිනෑන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ