IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සියැට් වෙතින් Load Max Pro ට්‍රක්රථ ටයර් මාලාවක්

මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ ටයර් වෙළෙඳපොළේ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය හා කාර්යසාධන ගතිකත්වය පරිවර්තනය කළ හැකි නවීනතම ටයර් තාක්ෂණය එළිදක්වා තිබේ. 

සියැට් ‘Load Max Pro’ පෙළ එළිදැක්වීමෙන් බයස්-ප්ලයි ටයර් ප්‍රමාණ තුනක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර එමඟින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට වැඩි කිලෝ මීටර ගණනක් පැදවීමේ හැකියාව ලබා දෙයි. එමගින් එක් ටයරයකට කිලෝ මීටරයක් සඳහා වන පිරිවැය රුපියල් 2 කටත් වඩා අඩු මිලක් බවට පත් කරන බව සමාගම පවසයි. 

පසුගිය දා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි දී පැවති අලෙවි නියෝජිතවරු හා හවුල්කරුවන්ගේ හමුවකදී මෙම ටයර් පෙළේ ප්‍රථම ටයර ප්‍රමාණ දෙක වන සියැට් Load Max Pro 18++ 10.00-20 iy isheÜ Load Max Pro 7.50-16 එළි දැක්වීය. එහිදී වාණිජ වාහනවල කාර්ය සාධනය, කල්පැවැත්ම සහ පිරිවැය කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන නවතම ටයර් සැලසුම් කිරීම හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව අමුත්තන්ට අවබෝධයක් ලබා දෙන ලදී. 

10.00-20 ප්‍රමාණයේ සියැට් Load Max Pro 18++ ටයරය ලංකා අශෝක් ලේලන්ඞ් සහ ටාටා වැනි බර ට්‍රක් රථ, කන්ටේනර් ප්‍රවාහන ට්‍රක් රථ, ඉන්ධන බවුසර් ට්‍රක් රථ සහ සිමෙන්ති ප්‍රවාහන රථ සඳහා වන අතර 7ග50-16 ප්‍රමාණයේ සියැට් Load Max Pro ghrh, Mitsubishi Fuso Canter Fe/Fg, Tata Marco Polo iy Eicher Skyline වැනි සැහැල්ලු ට්‍රක් රථ සඳහා වේ.

ටයර් සඳහා වන සමස්ත පිරිවැය අඩු කරමින් මෙම ටයර් මගින් දිගු ආයු කාලය, වැඩි බරක් දැරිය හැකි ධාරිතාව, ඒකාකාරී කට්ට ගෙවී යාම, වැඩි ස්ථාවර බව සහ පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ලබා දෙන අතර එය භාවිත කිරීමේ දී කීප වතාවක් ම ටයරය නැවත ඩැග් කිරීමේ හැකියාව ද ලබා දෙන බව සමාගම පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින් නිෂ්පාදන ධාරිතාව වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. 



අදහස් (0)

සියැට් වෙතින් Load Max Pro ට්‍රක්රථ ටයර් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site