
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 20 අතරට ශ්‍රී ලංකාවේ සාර්ථකම ටයර් නිෂ්පාදන සමාගම වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් නැවතත් නම් කර ඇත.
CPM හි 2025 සම්මාන උළෙලේදී පිරිනැමූ Top 20 සම්මානයට අමතරව ‘ටයර්, රබර්, ලෝහ සහ දැව ගෘහ භාණ්ඩ’ අංශයේ ඉහළම සම්මානය ද සියැට් කැලණි සමාගමට හිමි විය. සියැට් කැලණි ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය කරන ලද සමාගම් අතරින් එකක් ලෙස අඛණ්ඩව ඇගයීමට ලක් වූ දෙවන වසර මෙය වෙයි.
CPM සම්මාන සඳහා තෝරා ගැනීමේදී නායකත්වය, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, පුද්ගල කළමනාකරණය, හවුල්කාරිත්වය සහ සම්පත්, ක්‍රියාවලී සහ කාර්ය සාධනය යන කළමනාකරණ අංශවල හොඳම පිළිවෙත් සලකිල්ලට ගෙන තිබේ.
CPM සම්මානවලට තක්සේරු කරන ලද වසරේ සියැට් කැලණි සමාගම පුළුල් උපායමාර්ගික අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කළේය. එහි අරමුණ වූයේ සන්නාමය අග්‍රගන්‍යකරණය, සන්නාමයට ඇති පිළිගැනීම සහ විකුණුම් වර්ධනය කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ගවල වඩාත් උචිත සහ සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන ජර්මානු තාක්ෂණයෙන් නිපැයූ ටයර් ලෙස සියැට් රේඩියල් ටයර් ස්ථානගත කිරීමයි.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියැට් කැලණි සමාගමට CPM සම්මාන