IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිමෙන්ති අලෙවිය වාර්තාගත ලෙස ඉහළට

2023 මෙ.ටො. 3.79ක අලෙවියට සාපේක්ෂව 2024 දී සියයට 20.3ක වර්ධනයක් 
ඉදිකිරීම් අංශයේ සිදු වුණු සියයට 19.4ක වර්ධනය මූලිකව හේතුවෙලා 
2025 මෙ.ටො. 5.6ක අලෙවි ඇස්තමේන්තුවෙන් සියයට 82.1ක් දේශීය නිෂ්පාදනලු‍ 


භානුක අමරසිංහ


2024 වසරේදී මෙරට තුළ සිමෙන්ති අලෙවිය මෙට්‍රික් ටොන් 4.56ක් ලෙස සටහන්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය 2023 දී වාර්තා කළ මෙට්‍රික් ටොන් 3.79ක සිමෙන්ති අලෙවියට සාපේක්ෂව සියයට 20.3ක වාර්තාගත වර්ධනයකි. 
විශේෂයෙන්ම මෙය 2022 ට සාපේක්ෂව 2023 දී සිමෙන්ති අලෙවියේ පෙන්නුම් කළ සියයට 16.5ක අඩුවීම හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළ යාමක් බව මෙරට ප්‍රමුඛතම සිමෙන්ති සමාගමක් වන ටෝකියෝ සිමෙන්ති සමාගම සිය 2024/25 වාර්ෂික වාර්තාවේ සඳහන් කර සිටියි. 
මෙහිදී මූලිකවම පසුගිය වසරේ ඉදිකිරීම් අංශයෙහි සිදු වුණු සියයට 19.4 ක වර්ධනය හේතු වී තිබේ. 2023 දී එය සියයට 20.8 ක අඩුවීමක් පෙන්නුම් කෙරිණි. 
“මීට අමතරව පතල් සහ කැණීම් කර්මාන්තයේ සියයට 19.4ක සහ නිෂ්පාදන අංශයේ සියයට 7.6ක වර්ධනයත් සිමෙන්ති අලෙවියට හේතු වී තිබෙනවා.’’ ටෝකියෝ සිමෙන්ති සමාගම පවසයි. 
කෙසේ වෙතත් 2021 දී සටහන් වූ වාර්තා ගත මෙට්‍රික් ටොන් 7.1ක සිමෙන්ති අලෙවිය හා සැසඳීමේදී පසුගිය වසරේ අලෙවිය ඉන් තුනෙන් දෙකකටත් වඩා අඩු අගයක් ගනී. 2022 දී එය මෙට්‍රික් ටොන් 4.5ක් දක්වා අඩු විය. 2025 දි එය මෙ.ටො. 5.6ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 
මේ අතර දේශීයව නිෂ්පාදිත සිමෙන්ති අලෙවිය 2023 දී පැවැති සියයට 14.7ක අඩුවීමට සාපේක්ෂව 2024 දී සියයට 28.8ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. 
“දේශීය සිමෙන්ති නිෂ්පාදනයේ ධාරිතාව 2023 වසරේ සිට ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමකින් පවතිනවා. 2021 සිට 2024 දක්වා සිමෙන්ති ආනයනය ක්‍රමයෙන් අඩුවීක් පෙන්නුම් කළා. ඒ සමගම දේශීය නිෂ්පාදකයන්ගේ වෙළෙඳ පංගුව ඉහළ ගියා.“ සමාගම සඳහන් කරයි. 
ඒ අනුව 2021 දී පැවැති මෙට්‍රික් ටොන් 2.73ක සිමෙන්ති ආනයනය 2022 දී මෙ.ටො. 1.41ක් දක්වාත් 2023 දී මෙ.ටො. 0.98ක් දක්වාත් අඩුවී තිබේ. 2024 දී එය මෙ.ටො. 0.94ක් අගයක් ගෙන ඇත.
මෙය එම වසරවලදී ආයනික සිමෙන්තිවල වෙළෙඳ පොළ පංගුව පිළිවෙළින් සියයට 37.2ක, 38.3ක, 31.1ක 25.9ක සහ 20.6ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 
එසේම මෙම වසරවලදී පිළිවෙළින් දේශීය සිමෙන්ති නිෂ්පාදනයේ වෙළෙඳපොළ පංගුව පිළිවෙළින් සියයට 61.7කින්, 68.9කින්, 74.1කින් සහ 79.4 කින් ඉහළ ගොස් තිබේ. 2025 දී එය සියයට 82.1ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. 

 



අදහස් (0)

සිමෙන්ති අලෙවිය වාර්තාගත ලෙස ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site